මාර්ගයක් වෙළදුන් ආක්‍රමණය කරයි – මගීන් අසරණ වෙයි

මාර්ගයක් වෙළදුන් ආක්‍රමණය කරයි – මගීන් අසරණ වෙයි

හැටන් පොදු වෙළද පල ප්‍රදේශයේ සිට බස් නැවතුම් පල දක්වා ගමන් කිරිමට ඇති පටු මාර්ගය සමහර වෙළදුන් විසින් ආක්‍රමනය කිරිමත් සමග එම මාර්ගයේ ගමන් කරන පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම මාර්ගයේ ගමන් කරන සමහර පිරිස් පවසනුයේ මෙම මාර්ගය අසල වෙලදාම් කරන සමහර වෙලදුන් මෙම මාර්ගය අවහිර වන ලෙස කටයුතු කිරිමත්…

ආණ්ඩුවකට හෝ දේශපාලනඥයකුට ජනමාධ්‍යවල හඬ වහන්න බැහැ

ආණ්ඩුවකට හෝ දේශපාලනඥයකුට ජනමාධ්‍යවල හඬ වහන්න බැහැ

ජනමාධ්‍ය සඳහා ස්වයංවරණ ඇති කර ගත යුත්තේ ජනමාධ්‍ය විසින් බවත්, ආණ්ඩුවකට හෝ දේශපාලනඥයකුට හෝ ජනමාධ්‍යවල හඬ වැසීමට කටයුතු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කවුරුන් බලයේ සිටිය ද ජනමාධ්‍යයේ නිදහස නොමැති නම් ඒකාධිපතීත්වයක් සමාජයේ නිර්මාණය වන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය. කැළෑ කපන බහිරවයන් බිහි වී රටේ විශාල වන සංහාරයක්…

ගෞරවය රැකගෙන කටයුතු කරන්න
|

ගෞරවය රැකගෙන කටයුතු කරන්න

පානදුර, මොරටුව පරණ පාර මාර්ගයේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය වෙනුවට රුපියල් 50,000ක් වූ මුදල් ඇපයක් මත තාවකාලික රියදුරු  බලපත්‍රයක් නිකුත් කරන ලෙස…

සිසුවියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක්

සිසුවියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක්

පසුගිය වසරේ දලුගම ශාන්ත ප්‍රැන්සිස් විද්‍යාලයේ සිසුවියකට එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් පහරදීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඒ අනූව කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් ප්‍රධාන කාර්යාලයේදී මෙම විමර්ශනය සිදු කරනු ලබයි. මේ සඳහා හේතුපාදක වී ඇත්තේ මෙම සිසුවිය පාසල් නිල ඇඳුමින් පුද්ගලික පන්තියකට සහභාගී වීමයි.

කුරුඳු දුම්වැටිය නිසා WHO අරමුදල් අත්හිටුවීමට යයි

කුරුඳු දුම්වැටිය නිසා WHO අරමුදල් අත්හිටුවීමට යයි

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය. ‘‘ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන අධ්‍යයනයන් හේතුවෙන් ලෝකයට ආදර්ශයක් සැපයුවා. නමුත් මේ නීතිවිරෝධි දුම්වැටි නිසා එම තත්ත්වය වෙනස් වෙනවා.’’ යැයි හෙතෙම…

කොවිඩ් එන්නත ව්‍යාප්තියට යුරෝපා සංගමය සූදානම් වෙයි

කොවිඩ් එන්නත ව්‍යාප්තියට යුරෝපා සංගමය සූදානම් වෙයි

යුරෝපා සංගම් නායකයන් කොවිඩ් එන්නත් සැපයීම ඉහළ නැංවීම සහ රටවල් 27ක පොකුර පුරා මාත්‍රාව වැඩි දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මාර්ගගත සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එක්සත් රාජධානියට සැපයුමට බලපාන එන්නත් අපනයනය පාලනය කිරීම සඳහා වන සැලසුම්වලට සහාය දෙන ලෙස යුරෝපා කොමිසම  නායකයන්ගෙන් ඉල්ලා ඇත.

මෙරට විදුලිය නොමැති නිවාස එක්ලක්ෂ තිස්හත්දාහක්

මෙරට විදුලිය නොමැති නිවාස එක්ලක්ෂ තිස්හත්දාහක්

මෙරට විදුලිය නොමැති නිවාස එක් ලක්ෂ තිස්හත්දහස් දෙසිය විසි පහක් පවතින බවට හඳුනාගෙන ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී  පැවැති මාධ්‍ය හමුවකදීය. එලෙස විදුලිය නැති නිවාස අතරින් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් පනස්දහස් තුන්සිය තිස්හතරක් වන බවත් සමෘද්ධි ප්‍රතිලාභීන් බවට සුදුසුකම් ලබා,…