කළුබෝවිල රෝහල කොරෝනාවෙන් අසාධ්‍ය වෙයි – ඔක්සිජන් හිගයක්

නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත. රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්‌ගෙන් රෝගීන් හයදෙනකුටම ඊයේ (26 වැනිදා) දිනය තුළ ඔක්සිජන් ලබා දිය යුතු වූ බවත් ය. මේ අනුව දිනකට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් යැයි ඇය කියා…

Read More

දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

corona

ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 තුන්වන රැල්ලක අවදානමක් මතුවී තිබේ. මේ වන විට හමුවන රෝගීන්ට රෝගය වැළඳුණු මූලාශ්‍ර සොයාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රධානීහු පවසති. කෝවිඩ්-19 මේ වන විට ප්‍රජාව අතර ව්‍යාප්ත වී හමාර බව සෞඛ්‍ය අංශ පිළිනොගත්ත ද සෙසු කවුරුත් දනිති. පසුගිය සමයේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර තිබුණු බැවින් රෝගීන් වාර්තා වීම අඩු වී තිබිණි. එසේම, රටේ ජනතාව බොහෝ දුරට පරිස්සම් වනු දක්නට ලැබිණි. අති බහුතරය මුහුණු ආවරණ පැළඳීම, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ගැන යම් දුරකට හෝ සැලකිලිමත්ය. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ විශේෂයෙන්ම වෙළඳපොළ තුළදී මේ…

Read More

කොවිඩ් ගැන පර්යේෂණය අත්හිටුවලා

ravi kumudesh

අප්‍රේල් මුල් සති දෙකේ කොරෝනා පාලනය වී ඇතැයි පවසා අප්‍රේල් මස අන්තිම සති දෙකේදී අවදානම් තත්වයක් පෙන්වන්නේ මැයි දිනය ඉලක්ක කර ගනිමින්ද යන්න බරපතල සැකයක් මතුව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මේ වන විට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේ කලබලයට පත්ව ඇති ස්භාවයක් පෙනෙන්නට තිබෙන බව ඔහු පවසයි. විශේෂයෙන්ම මාර්තු මාසය හා අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුල PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදී විමසා සිටි නමුත් ඔවුන් නිහඩව සිටි බවත් අවසානයේ PCR පරීක්ෂණ නොකරම සිට ඒ හේතුවෙන්…

Read More

‘Galaxy Cup’  සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ‘Galaxy Cup’ වයස අවුරුදු 25න් පහළ සුපර්ලීග් වොලිබෝල් ශූරතාවය – 2021 අවසන් මහා තරගයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාන්තා කාණ්ඩායම පරදා එහි කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ මෙම ශූරතාවලියේ කාන්තා අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය. ‘Galaxy Cup’ අවුරුදු 25න් පහළ සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය – 2021 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව,…

Read More

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ

lockdown

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද ඊයේ (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප‍්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදාම්පේ ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කිරීමට තීරනය කර ඇත. බුත්තල නගරයේ සියලුම වෙළෙඳසැල් මේ වනවිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම වෙළෙඳ සංගමය පවසයි. කොවිඩ් ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු හඳුනා ගැනීමෙන් අනතුරුව…

Read More

ගුරුවරියකට කොවිඩ් – මුඛ ආවරණ පිලිබදව දැනුවත් කිරීමක්

හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ සේවය කරන ගුරුවරියක් කොවිඩ් ආසාදියකු බවට හදුනා ගැනිමත් සමග එම ගුරුවරියගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති එම විදුහලේ 09වන ශ්‍රේණියේ සිසුන් හා ගුරුවරුන් කිප දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසන ලද්දේ මෙම ගුරුවරිය තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම ගුරුවරිය වෙනත් රෝගයක් සදහා ප්‍රථිකාර ගැනිම සදහා නුවරඑළිය මුලීක රෝහලට ගොස් ඇති බවත් එහිදි කරන ලද ඇන්ටිජන් පරික්ෂාවකදි මෙම අය කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගෙන ඇති බවත්ය.…

Read More

වැලිකන්දේ කීර්තිය දසත විහිදෙයි

හිමිදිරි උදෑසන ගිණි බටය තුරුලු කර පා මුර සංචාරයේ යෙදෙන  භට පිරිස් පසුකර එක පෙලට පාසල් එන දරුවෝ ය.බසයෙන් බැසගෙන නගරය මැදින් ඇති මාවත් දිගේ ඇවිද පාසල වෙත සේන්දුවන දරුවන් ට හිටි හැටියේ අහස ගුගුරුවමින් ඇසෙන්නට පටන් ගන්නේ යාබද නැගෙන හිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට ඉලක්ක වෙත විදින මල්ටි බැරල් රොකට් ලෝංචර් හඬය.තවත් විටෙක පාසලේ වහල උඩින් ගිගුම් දෙමින් ඇදී යන කාලතුවක්කු උණ්ඩය. වෙඩි හඬ මැදින් අකුරු ඇහිදින්නට පාසලට පියමැන්න දූදරුවන්ට සිදු වූයේ කාලතුවක්කු උණ්ඩයක් කොයි වේලේ පාත් වේදැයි බියෙන් සැකෙන් චකිතයෙන් කාලය ගෙවන්නට ය.උගැන්වීම්වල නිරත ගුරුවර ගුරුවරියන්ට සිදු වූයේ…

Read More