චන්දිමාල්ටයි පියුමිටයි වැඩ වරදී

chandimaland-piumi

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ. මේ අතර එම සාදයට පුද්ගලයින් 25-30ත් අතර ප්‍රමාණයක් පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අත්අඩංගුවට පත් සැකකාරිය හා සැකකරු කොළඹ අලුත්කඩේ…

Read More

පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?

politics

ආණ්ඩුවක් මාරුවී අලුත් ආණ්ඩුවක් පත් වන විට රජයේ කාර්යාලවල සේවය කරන අයට විවිධ ආකාරයේ දුක් ගැහැට විදින්නට සිදු වූ කාලයක් තිබුණේය. පරාජයට පත් වන දේශපාලන පක්ෂයට සහාය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබීම ලංකා දේශපාලන සංස්කෘතියේ අංගයක් බවට පත් වූ කාලයක් විය. එහෙත් ඒ සංස්කෘතිය කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුණේය. එහෙත් අළු යට ගිනි පුපුරු සේ දේශපාලන පළිගැනීම් ගැන කතා පසුගිය කාලයේදී යළිත් හිස එසවූවේය. ඒ දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමත්, එම කොමිසමේ නිර්දේශ මත පත්කරනු ලැබූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවත් නිසාය. උපාලි අබේරත්න කොමිසම යහ පාලන ආණ්ඩු…

Read More

සීතසළු දවටන් රිවර්ස්ටර්න් අපි එනකම් මග බලං…

rivastan

විල්ගමුව ගිනිපෙට්ටි පාලම ළගින් කන්ද බලලා පාලම ළග පෙට්ටි කඩෙන් ඉරිගු කරලක් ගිලලා කඩේ අක්කගේ සිරික්කියත් විදලා හීන් ගගේ බැහැලා හීනියට නාකියාගෙන හිනියටම සුලුගුනේ ගමෙත් කරක්ගහලා හීනියට අඩියක් දෙකක් ගහලා මූනට එබෙන කන්ද හිනියටම නැගලා අලිකැලේ හක්කලන් ගහලා කොරලා ගලමුදුනට වැඩිය හැටි ඊළගට වැල්ගාලට ගියහැටි මතක් වෙනවා. සීත සුළග මුහුණේ වැදිලා ඈතට යන්න යනවා. අහලින් ගලන ගග තවම කවි කියනවා. අපි පදවැලක් වෙලා ගග අස පාලමේ යකඩ ඇන්දට බාරදීලා ඒ කවිය අහගෙන ඉන්නවා. ගල්වල හැපිලා බිදෙන සුදුපෙන වතුර බුබුළු හරියට ජීවිතය වගෙයි. හිතෙනවා. අපි ඉන්න පාලම ළගින් පහළින් ගග වක්වී…

Read More

අහ්නාෆ් ජසීම් – නිහඬ කළ කවියා

“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර නැතිව දුර්වල වුව ද, රෝගයන්ගෙන් පහර කෑව ද අපි අවිහිංසාවේ මාවත අනුගමනය කරමු” – අහ්නාෆ් ජසීම්ගේ නවරසම් (හැඟීම් නවයක්) ග්‍රන්ථයේ, ‘තන්නීර් (ජලය)’ කාව්‍යයෙ උපුටාගත් කොටස්වල පරිවර්තනයකි ඉහත කාව්‍යයේ ලේඛකයා අවුරුදු 26ක් වයසැති අහ්නාෆ් ජසීම්, මන්නාරම් දිස්ත්‍රික්කයේ ඈත ගම්මානයක් වන සිලාවතුර ග්‍රාමයේ මුස්ලිම් කවියෙකි. 2017 වර්ෂයේ ජූනි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද එම ග්‍රන්ථයේම (නවරසම් ග්‍රන්ථය) තවත් කවියක අනාෆ්…

Read More

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ තිබෙන්නේ අවාසි සහගත වෙළෙඳ ශේෂයකි.  මෙය තරමක් දුරට සමනය වන්නේ විශේෂයෙන්ම පිටරට වෙසෙන ශ්‍රමිකයන් එවන මුදල් සහ සංචාරක ආදායම වැනි වෙනත් ලැබීම් වලිනි. මේසියල්ල එකතු කලවිට…

Read More

පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ ඒක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන,…

Read More

බිහිසුණු කොරෝනා විකෘතියක් හමුවෙයි – who අනතුරු ඇගවීම්

corona

ඉන්දියාවෙන් හඳුනාගත් බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, මහා බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් බී.1.1.7 කොරෝනා විකෘතියත් මුසු වී නිර්මාණය වුණු නවතම මාදිලියේ විකෘති කොරෝනා වයිරස ප්‍රභේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ කියයි. මෙම නව වයිරස ප්‍රභේදය, වියට්නාමයේ අලුතින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතරේ බහුලව දකින්න ලැබෙන බවත්, ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට එය හේතුවක් වී ඇති බවත් සෞඛ්‍ය ඇමැති ගයියෙන් තාන් ලොං පවසා ඇත. ඉන්දියාවේත් මහා බ්‍රිතාන්‍යයේත් කොරෝනා ආසාදිතයන් වැඩි කිරීමට එම රටවලින් හමුවුණු විකෘති ප්‍රභේද සමත් වී තිබේ. ඒ අනුව මෙම විකෘති දෙකම මිශ්‍රවී නිර්මාණය වූ නව ප්‍රභේදය වඩාත් බිහිසුණු බව…

Read More

කොවිඩ් පාලනය වන තෙක් සංචරණ සීමා දිගටම ඕනෑ

corona-lockdown

රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා  කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් කළ ද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණදිමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි. කොරෝනා වසංගතය සීග්‍ර ලෙස වැඩිවුවහොත්  පුද්ගල මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි අතර සෞඛ්‍ය අංශද අඩපණ විය හැකි බව ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. කොරෝනා පාලනය කර රට නැවත යථා…

Read More

දිගටම මාස්ක් දැමීමෙන් සමේ රෝග අවදානමක්

mask

දීර්ඝ කාලීනව මුව ආවරණ පැලදීමේදී සමේ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට අරුණට පැවැසුවාය. විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ සෑම විටම ලා වර්ණ සහිත මුව ආවරණ පැලඳීමට කටයුතු කරන ලෙසය. එමගින් සමට සිදුවන හානිය වලක්වා ගැනීමට හැකිවන බවද ඇය සඳහන් කළාය. එසේම මුව ආවරණ පැලදීමේදී මුහුණෙහි ආසාත්මිකතා සිදුව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

Read More