නුවරඑළියෙන් ආසාදිතයන් 78ක් බගවන්තලාවෙන් ආසාදිතයන් 27ක්

නුවරඑළියෙන් ආසාදිතයන් 78ක් බගවන්තලාවෙන් ආසාදිතයන් 27ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 30වන දින සවස් වන විට අලුතින් ආසාදිතයන් 78 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගනන 4166 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 11ක්, බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, කොටගල සෞඛ්‍ය…

මිහින්තලාවේදී රතන සූත්‍රය ලක්ෂවාරයක්

මිහින්තලාවේදී රතන සූත්‍රය ලක්ෂවාරයක්

අනුබුදු මිහිදු මාහිමිපානන්ගේ ලංකා ගමනය සිහිපත් කෙරෙන පොසොන් උත්සවය වෙනුවෙන් පුරාණ චාරිත්‍ර වාරිත්‍ර සමග රතන සූත්‍රය ලක්ෂවාරයක් සජ්ජායනා කිරීම මෙන්ම වාර්ෂිකව පැවත්වෙන විදුලි ආලේක පූජාව පොසොන් පොහොය දිනයේ සිට සතියක් පුරාවට පැවත්වෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන් පැවසූහ. පවතින වසංගත රෝග අවධානම් තත්වය හමුවේ උත්සව නොපැවත්වුණත් පුරාණ රජ දවසේ…

ගිරිබාවේ මාතෘ සායනයට ආ බෝදිලිමා යක්ෂයා
|

ගිරිබාවේ මාතෘ සායනයට ආ බෝදිලිමා යක්ෂයා

අප කවුරුත් දන්නා අන්දමට බෝදිලිමා යනු කටුසු විශේෂයකට අයත් සතෙකි. එහෙත්, එනමින් යුතු අමනුෂ්‍ය විශේෂයක් පිළිබඳ සාම්ප්‍රදායික ජන විශ්වාසයක් ද අප සමාජයේ තිබේ. දරුවෙකු බිහි කිරීමට ආසන්න මොහොතේ දරුවා කුසේ සිටියදීම , විළිරුදාවෙන් මියයන මව්වරුන් මරණයෙන් පසුව බෝදිලිමුන් නම් අමනුෂ්‍යයන් ලෙස උපදින බව පැරණි ගැමියෝ කියති. ඉන්පසු ඔවුන් රාත්‍රී කාලවලදී පුරුෂ පක්ෂයට පමණක් ඇසෙන සේ…

අපේ පොහොර අපිම හදමු
|

අපේ පොහොර අපිම හදමු

“අපේ පොහොර අපිම හදමු” තේමාව යටතේ කුඹුරු ගොවිතැනට ගොඩබෝග ගොවිතැන සඳහා කොම්පෝස්ට් පොහොර තමන් විසින්ම නිපදවා ගැනීම‌ සඳහා ව්‍යාපෘතියක් හඳුන්වා දීමට එප්පාවල පෝස්පේට් ආයතනය මහවැලි අධිකාරිය සහ ජාතික ගොවි සම්මේලනයේ සභාපති පූජ්‍ය මහාමාන්කඩවල පියරතන (පොස්පේට් හාමුදුරුවෝ) නාහිමියන් කටයුතු අරඹා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමටත් කාබනික පොහොර ප්‍රමාණවත් තරමට රට…

මනෝ වෛද්‍ය රූමි රූබන් ගෙන් අධ්‍යාපන බලධාරීන්ට යෝජනාවක්

මනෝ වෛද්‍ය රූමි රූබන් ගෙන් අධ්‍යාපන බලධාරීන්ට යෝජනාවක්

වසංගත සමයේදී සම්පූර්ණ විෂය නිර්දේශයම මාර්ග ගත (online) ක්‍රමය ඔස්සේ ලබාදීම නිසා පාසල් දරුවන් විශාල වශයෙන් විවිධ මානසික පීඩාවන්ට හා පීඩනයන්ට ගොදුරුව ඇති හෙයින් විෂය නිර්දේශ කෙටි කර ලබා දීමට වැඩපිළිවෙළක් යොදන්නැයි තමා අධ්‍යාපන බලධාරීන්ට යෝජනා කරන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය. තමා ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන…

නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබයි

නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල කාන්තා නාවිකයා, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 2011 වසරේ සිට නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරනු ලබන නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල, 2012 වසරේ සිට ජාතික වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරමින්…

කොවිඩ් නිසා ඉන්දියාවේ මව්පියන් අහිමි වූ දරුවෝ 577ක්

කොවිඩ් නිසා ඉන්දියාවේ මව්පියන් අහිමි වූ දරුවෝ 577ක්

අප්‍රේල් 01 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා කාලය ඇතුළත කොවිඩ් වයිරසය නිසා මව්පියන් දෙදෙනාම අහිමි වීමෙන් ඉන්දියාවේ ළමයින් 577ක් අසරණ වී සිටින බව කාන්තා සහ ළමා සුභසාධන අමාත්‍ය ස්මර්ති ඉරානි පවසයි. කෙසේ වෙතත් මේ සංඛ්‍යාව පැහැදිලිවම අඩු තක්සේරු කිරීමක් යැයි විද්වත්හු පවසති. මේ අතර ළමා සුභසාධනය ගැන කටයුතු කරන යුනිසෙ‍ෆ් වැනි රාජ්‍ය නොවන සංවිධාන…

දිවයිනපුරා සුරාසැල්වලට සීල් තියයි

දිවයිනපුරා සුරාසැල්වලට සීල් තියයි

දිවයිනපුරා පිහිටි මත්පැන් අලෙවිහල් 4500ටම මත්පැන් අලෙවි කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (31 වැනිදා) පියවර ගෙන තිබේ. වසා දමා ඇති මත්පැන් අලෙවිහල් මගින් මත්පැන් විකුණන බවට ලැබුණු පැමිණිලි මත මෙලෙස රටේ සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තැබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවැසුවේය. කඩුගන්නාව ප්‍රදේශයේ බලයලත් හෝටලයක මත්පැන් කවුන්ටරය…

‘ටාසන්’ ගුවන් අනතුරකින් මරුට
|

‘ටාසන්’ ගුවන් අනතුරකින් මරුට

ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතයට රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා ඇතුළු 07 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබේ. අමෙරිකාවේ නැෂ්විල් නගරයට ආසන්න ප්‍රදේශයකට ජෝ ලාරා ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගිය පිරිසට අතර ජෝ ලාරාගේ බිරිඳ ද වන බව විදෙස් වාර්තා පැවසීය. යානය කඩා…