බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!

ජන සම්මතයට අනුව තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ද මිනිසුන්ට වඩා දෙවිවරුන් ද උසස් වෙති. එහෙත්, බුදු දහමට අනුව පන්සිල් රකිමින් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහියා ත්‍රිපිටකයේ වැඩිපුරම කියැවෙන හා චාතුර් මහා රාජිකය සහ තාවතිංසය යන දෙව් ලෝ දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ පවා නමැදුමට ලක් වෙයි. ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් සක්ක සංයුතයේ එන කතා පුවතකින් ඒ බව තහවුරු කරගත හැකිය.නමුදු මිනිස් සමාජයේ නිරතුරුව පවත්නා අසරණ බව අනුව තමන්ට පාලනය කර ගත නොහැකි දුක් වේදනා ගැටළු අර්බුද වලදී පිහිටට එන උත්තරීතර බලයක් පිළිබඳව මිනිස් සන්තානයේ පවත්නා බලාපොරොත්තු පෙරදැරි කර ගත් මිනිසුන්…

Read More

මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර

මේ වෙලාවෙ මං ජනාධිපතිනම් අද උදේ අපේ ගෙදර කතාබහ මෙන්න මේ වගේ. බිරිඳ: තාම කොම්පියුටරේ ළඟ වාඩිවෙලා ෆේස්බුක් යන්නෙ මූණ හෝදගෙන ඔෆිස් යන්නෙ නැද්ද? මම: මට බැහැ ඒයි. අද යන්නෙ නැහැ කියන්න. බිරිඳ: එහෙම කියල බෑනෙ. ඔයා මේ රටේ ජනාධිපතිනෙ. මේ වෙලාවෙ රටට ඔයා අවශ්‍යයි. මම: ඉතින් මං ඔෆිස් ගියා කියල මොනව කරන්නද? බිරිඳ: ඇයි අද කොවිඩ් කමිටුව රැස්වෙනව නේද? මම: ඉතින් මොකෝ? ඕක රැස්වුණයි කියල මොකක් කරන්නද? ඩොකාල රට වහන්න කියනවා අපි වහනවා. බිරිඳ: ජයසුන්දරයි, ලස්මනුයි එක්කත් මීටිමක් තියෙනවා නේද? මම: උන්ට කියන්න කොහෙන් හරි සල්ලි හොයාගෙන ණය ටික…

Read More

ඉන්ධන මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක්

ඉන්ධන මිල ඉහළ දැමීම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවන බවත් එය ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කොට එක්ව ගත් තීන්දුවක් බව දන්නා බවත් පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සංචරණ සීමා පැනවීම නිසා අසරණ බවට පත්ව සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ශ්‍ය නිෂ්පාදන කර්මාන්තකරුවන් පිරිසකට මුල්‍යාධාර ලබා දීමේ අවස්ථාවකට ඊයේ (14) එක් වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මෙසේ ද කීය. “අතිගරු ජනාධිපතිතුමා බලයට පත් වන විට මේ රට දැඩි ආර්ථික අර්බුදයක්…

Read More

සංචරණ සීමාවෙන් රැකියා අහිමි අඩු ආදායම් ලාභීන් සොයා පාලිත වියළි ආහාර බෙදයි

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේශපාලන හැසිරිම පිළිබඳ කළකිරීමෙන් පසුගිය කාලයේ දේශපාලනයෙන් ඈත්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කළුතර දිස්ත්‍රික්කයේ දැඩි ලෙස අසරණව සිටින ජනතාවට වියළි ආහාර බෙදා දෙන අයුරු දැක ගතහැකි විය. කොවිඩ් වසංගතය මර්දනය සදහා දැනට පනවා ඇති සංචරණ සීමා නිසා දෛනික රැකියා සිදු කළ අඩු ආදායම් ලබන ජනතාව ආහාර පාන ලබා ගත නොහැකිව අසරණ වී සිටිති. මෙවැනි ජනතාව සොයා ගිය පාලිත තෙවරප්පෙරුම මහතා පාලින්ද නුවර පැළෑඳ ප්‍රදේශයේ ජනතාවට වියලි අාහාර බෙදා දිමසිදු කළේය. එස්. පොද්දෙණිය – මීගහතැන්න

Read More

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක්

maradona

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක බ්‍රසීලයේ දියේගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ආරම්භ කර ඇත. එම මරණය සම්බන්ධයෙන් මේවන විට විශාල සැකයක් ඇතිව තිබීම ඊට හේතුව වේ. මෙම සුපිරි පාපාන්දු ක්‍රීඩකයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූයේ පසුගිය නොවැම්බර් මස 25වනදාය. ඒවන විට ඔහු 60වැනි වියෙහි පසුවිය. දියේගෝ මැරඩෝනා ඊට පෙර අවස්ථාවක මොලයේ ශල්‍යකර්මයකට මුහුණ දී තිබුනි. එම ශල්‍යකර්මය හා ඊට පසු ඔහුට ප්‍රතිකාර කළ ආකරය පිළිබඳ බරපතල අර්බුද හට ගෙන ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට චෝදනා එල්ල වී ඇත.

Read More

‘ඩෙල්ටා‘ නිසා ආසාදිතයින් යළි ඉහළට

corona

‘ඩෙල්ටා‘ ප්‍රභේදය හේතුවෙන් තම රට තුළ නව කෙරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥ අනතුරු අඟවනු ලැබේ. ඔවුන් පවසන්නේ අමෙරිකාවෙන් හඳුනාගනු ලබන ආසාදනවල ප්‍රමුඛතම ප්‍රභේදය බවට ‘ඩෙල්ටා‘ ප්‍රභේදය පත්වීමට ඉඩ ඇති බවය. සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ඉන්දියාවෙන් හඳුනාගැනුණු ‘ඩෙල්ටා‘ ප්‍රභේදයේ පැතිරීමත් සමඟ විශේෂයෙන් අමෙරිකාවේ දකුණු ප්‍රාන්තවල වාර්තාවන ආසාදනයන්හි තියුණු වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බවය.

Read More

ඇමති ප්‍රසන්න කිව්වේ බොරු – මහාමාර්ග  ලේකම්

adiwegaya

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති වාර්තාව අසත්‍යයක් බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ඔහු ඊයේ දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයට හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා වුවක්ද යන්න සොයා බලන තෙක් ගම්පහ කොටසට අදාළ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙරේදා (13) දින නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණි. නමුත් මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ කිසිදු ආකාරයකින් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් සුපුරුදු ලෙසටම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන බවත්ය.…

Read More

හිට්ලර්ගේ න්‍යාය අනුව අධිබලැති පුපුරණ දුව්‍ය සාදා කෝටි 500 ට විකීණිමට ගිය අයෙක් STF දැලේ!

pupurana-drawya

දෙවන ලෝක යුද්ධ කාලයේ හිට්ලර්ගේ පොතක් සොයාගෙන ඒ් අනුව රසදිය ඇසුරෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍යය නිර්මාණය කර රුපියල් කෝටි 500 කට අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මොහුට හිට්ලර්ගේ සමයේ පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කරන පොතක් හමු වී ඇති අතර මොහු ඒ් අනුව රසදිය උපයෝගී කර ගනිමින් විවිධ අධිබලැති පුපුරණ දුව්‍ය ව්‍යාජව නිර්මාණය කර ඇත. පසුව ඒ්වා විකිණිමට ගැනුම්කරුවන් සොයා ගොස් ඇති අතර අන්තවාදී පිරිසක් වෙත මෙය අලෙවි කිරිමට සුදානම් කර ඇත්තේ රුපියල් කෝටි…

Read More

නැවෙන් වන්දි ගන්න ජාත්‍යන්තර විශේෂඥයින් 03 ක් මෙරටට !

expresspearl

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ්  සදහා ජත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයින් තිදෙනෙකු මෙරටට පැමිණිමට නියමිත බවත් ඔහු කීහ. මේ වන විටත් සිදු වු හානිය සම්බන්ධයෙන් පළමු අතුරු හිමිකම් පෑමක් ලෙස මැයි මස 23 වැනි දින සිට ජුනි මස 03 වන දින දක්වා දින දහයක කාලය තුළ රජයේ ආයතනවලට වැය වු වියදම් හා…

Read More

නුවරඑළියේ ආසාදිතයන් 5837 දක්වා ඉහළට

corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු 15වන දින හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5837 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින උදැසන ලැබිමෙන් මෙම ආසාදිතයන් ගනන හදුනා ගෙන ඇති බවත් අඹගමුව, බගවන්තලාව, ලිදුල, නුවරඑළිය, රාගල, කොටගල‍, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි. මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් පි.…

Read More