පුරන් ඉඩම් “සෝජාන් “ ක්‍රමයට  වගා කරන්නට ගොවින් ඉල්ලති

තිස් වසරක් තිස්සේ  පුරන්වෙමින් තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වු බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ “ සෝජාන් “ ක්‍රමයට  වගා කරන්නට ඉඩ පහසුකම් ලබාදෙන්නැයි  බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ ගොවින් ඉල්ලති. බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයට අයත් ඉත්තෑපාන, ලූල්බද්දුව ප්‍රදේශයේ  2014 වර්ෂයේ ආරම්භ කළ “ලූලුබද්දුව සෝජාන් ව්‍යාපෘතියේ“  ඇළ වේළි සකසා ගොඩ බෝග වගා කරන්නට ඉඩ ලබාදෙන්නැයි  ගොවින්  බලධාරින්ගෙන් ඉල්ලති. වාරිමාර්ග දෙපාර්තමේන්තුව,ගොවිජනසේවා දෙපාර්තමේන්තුව,  වළල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ඇතුළු ආයතන රැසක් එක්ව රුපියල් ලක්ෂ ගණනක් වැයකර අක්කර හතරක ගොවින්  26 දෙනෙකුට“ සෝජාන් “ ක්‍රමයට එළවළු වගා කරන්නට ආරම්භ කල මෙම…

Read More

සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඉල්ලා අස්වෙයි

corona-Vaccination

සයිනොවැක් නමැති චීනයේ නිෂ්පාදිත කොවිඞ් එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හටගත් මතභේදයකදී එසේ අනුමැතිය ලබාදීමට විරුද්ධවූ සාමාජිකයන් තිදෙනකු ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වී ඇත. මෙම උපදේශක සභාව විද්වත් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි සාමාජිකයන් වූ ප‍්‍රතිශක්තිකරණවේදී වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස්වේදය පිළිබඳ වෛද්‍ය කාන්ති නානායක්කාර, ස්වසනවේදය පිළිබඳ වෛද්‍ය මහාචාර්ය චන්න රණසිංහ යන මහත්ම මහත්මීන් මෙසේ ඉවත්වූ තිදෙනාය. සයිනොවැක් එන්නත ශ‍්‍රී ලංකාවේ වැසියන්ට ලබාදීම නුසුදුසු බව මෙම තිදෙනාගේ මතය වූ බවත්, එබැවින් එය ශ‍්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමට ඔවුන් විරුද්ධ වූ බවත් වාර්තා වේ. a newspaper, about newspaper,…

Read More

ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි

corona

ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරාම ව්‍යාප්ත වී ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අ‌මෙරිකාව තුළ යළිත් වරක් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවය. රට තුළ එන්නත්කරණය අඛණ්ඩව සිදු වුවත් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ ගොස් ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසුවේ ය. පසුගිය සතියට සාපේක්ෂව අමෙරිකාව තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමද 76% කින් ඉහළ ගොස් තිබේ. lanka c news, lanka news web,…

Read More

‘රන් මල්ලි’ ගැන විමර්ශන CIDයට

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි හා ජාලයන් මෙහෙයවනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොලීසියෙන් වසන් වී දැනට ඩුබායි රටෙහි සැඟව සිටින චරිත් සඳකැළුම් හෙවත් රන් මල්ලි නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් එක් කෝටි තිස් නව ලක්ෂයක මුදලක් කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේ පිහිටි නි‍ෙවසක ගෙවත්තේ වළදමා සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගෙන තිබේ. ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී මෙම මුදල් සඟවා තිබූ නිවස පරික්ෂා කිරීමේදී මෙම මුදල් සොයා ගෙන ඇති අතර මෙම නිවස රන් මල්ලි නොහොත් චරිත් සඳකැලුම් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මස්සිනාගේ නිවස බවට විමර්ශනවලදී…

Read More

කොලඹ ආසාදිතයින්ගෙන් 30%කට ඩෙල්ටා

corona-lamda

කොළඹ නාගරික බල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශයේ ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය අසාදනය වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි. හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප‍්‍රමාණයක් සමාජයේ සිටිය හැකි යැයි ද ඔහු පැවසීය. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 284,931 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ, නව ආසාදිතයින් 1,420ක් ඊයේ හඳුනා ගැනීමත් සමගයි. infolanka, infolanka news, gossip s, gosssip lanka hot…

Read More

ඉන්දියාවට පහසු ජයක්

slin

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක් රැස් කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 4ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ඉෂාන්…

Read More

ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයි

guruwru

රට ජාතිය,සමස්ත  සමාජය ⁣රෝගීව, ඔත්පලව ඉන්න  වෙලාවක මේ රටේ ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයැයි ,”  රාජ්‍ය  අමාත්‍ය ජයන්ත  සමරවීර මහතා  පසුගියදා මතුගම  දි කීවේය . ⁣සෞභාග්‍යයේ දැක්ම ප්‍රරකාව  ග්‍රාම්ය මාර්ග  කිලෝ මිටර් ලක්ෂයක්  සංවර්ධනය  කිරීමෙි වැඩ සටහන අනුව  මතුගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   මාර්ග කීපයක  වැඩ ආරම්භ කරමින් මතුගම යටදොළ පැවති උත්සවයක්  අමතා ජයන්ත සමරවිර මහතා  මෙි අදස් පළ කළේය . ” ගුරු වෘත්තිය කියන්නෙ සියලු වෘත්තින්ගෙ පීතෘ වෘත්තීය බව අප අමතක නොකළ යුතුයි .අපේ රටෙි ගුරුවරයා දෙමාපියන්  තරමටම වන්දනීය වෘත්තියක්  වෙලා තියෙනවා.ගුරුවරයාට තැන නොතන බලල, දණ ගහල…

Read More