බොබ් මාලේ පොලිස් දැලේ!

පොලිසිය විසින් සෙවු බොබ් මාලි ව අද (09) දින ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය  විසින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබ්‍රෙිව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දීය. පසුගිය 08-31 දා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 288 ග්‍රෑම් 644 ක් සමඟ සැකකරුවන් 05 කු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙරටට ගෙන්වීම සඳහා එය මෙරට සිට මෙහෙයවූ ප්‍රධාන සැකකරු ‘බොබ් මාලි’ බවට පොලීසිය සැක පළ කර ඇත. මොහු 41 හැවිරිදි මාලඹේ සහ බත්තරමුල්ල පදිංචි පුද්ගලයෙක් වන අර වෘත්තියෙන් බහුදින යාත්‍රා…

Read More

සහල් මෝල් මාධ්‍ය ආවරණයට තහනම් වෙයි

පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා(08) පාරිභෝගික අධිකාරිය  පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර යන මහාපරිමාණ වී මෝල්වලට ගිය පාරිභෝගික සේවා අධිකාරිය අරලිය සහල් මෝලේ දී උණුසුම් තත්ත්වයක් ද උද්ගතවූ බව ආරංචි මාර්ග සදහන් කරයි. මීට පෙර අරලිය සහල් මෝලෙන් සහල් කිලෝ ලක්ෂයක්  සතොසට ලබා දෙන ලෙස ඉල්ලා සිටියද අරලිය සහල් මෝලෙන් එම ප්‍රමාණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද සතොසෙන් පැමිණි ලොරි රථ 20කට පමණක් සහල් ලබා දීමට එකග වී…

Read More

මම ඉනිම ආරම්භ කරන්නේ පෙර තරගයේ ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයෙකුගේ මානසිකත්වයෙන්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් චරිත් අසලංක මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවී මෙසේ පැවසීය. “මම හැමදාම හිතන්නේ මම තවම මදි කියලා. ඒ නිසා සෑම විටම පුහුණුකරුවන් ඇතුළු සෑම කෙනෙක් එක්කම කතා කරනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග කතා කරලා ඔවුන්ගේ අදහස් ගන්නවා. මේ තරගාවලියේ වුවත් මම හිතන්නේ මට තව හොඳින් ක්‍රීඩා කරන්න තිබුණා කියලා. එවිට ඊළඟ තරගාවලියේදී මට තවත් හොදින් මගේ අඩුපාඩු සකසාගන්න හැකිවෙයි. මම තරගයෙන් තරගය ක්‍රීඩා කරන්නේ, පෙර ක්‍රීඩා කළ තරගය අමතක කරලා. සෑම තරගයකම මම ඉනිම ආරම්භ කරන්නේ පෙර තරගයේ ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයෙකුගේ…

Read More

රුපියල් 291කින් ගෑස් උස්සන්න ලාෆ් අවසර ඉල්ලයි

කිලෝග‍්‍රෑම් 12.5 ක් වන ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 291 කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස එම සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත. නව ඉල්ලීම අනුව ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදුනහොත් කිලෝග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2147 ක් සහ කිලෝග‍්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 858 දක්වා ඉහළ යනු ඇත. පසුගිය මාසයේදී රට තුළ ගෑස් හිඟයක් මතුව තිබූ අතර අගෝස්තු මැද භාගයේදී ලාෆ් ගෑස් කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ද, එම වර්ගයේ කිලෝ 05 ක ගෑස් සිලිඩරයක මිල රුපියල් 145…

Read More

නව ඇෆ්ගනිස්තාන රජය චීනයට කිට්ටු වෙයි

චීනය සමඟ සමීප සබඳතා පවත්වාගැනීමට තමන් සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර තිබේ. ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් චීනය ද පවසා ඇත්තේ නව රජයක් පිහිටුවීමට තලෙබාන් සංවිධානය ගත් තීන්දුව වඩාත් සාධනීය තත්ත්වයක් බවය. කලාපීය සහ ලොව සෙසු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වාගැනීමට තම රජය උත්සාහ කරන බව තලෙබාන් සංවිධානය අවධාරණය කර තිබුණි. මෙහිදී චීනය සමග සමීප සබඳතා පවත්වාගැනීම සිය අපේක්ෂාව බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පසුගියදා නැවතත් තහවුරු කළේය.

Read More

කෝටි දෙකක අයිස් පෑලියගොඩින් මතු වේ!

රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවෙකු විශේෂ කාර්ය  බලකායේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප. ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. පෑලියගොඩ පොලිස් වසමේ වත්තල, වනවාසල පාර, ජයන්ති විහාරය ඉදිරිපිටදී  දී මෙම වැටලීම කර ඇත. එහි දී සංචරණ සීමා උල්ලංඝණය…

Read More

විශ්ව ශක්තිය හිමි දොස්තර එලියන්තට කොවිඩ් හැදෙයි!

dr.eli

කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන  බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි පා කිරීමේ සිද්ධියත් සමඟිනි. කෙසේවෙතත් මේ වන විට ඔහු කොරෝනා අසාදිත බවට තහවුරු වීමෙන් ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය තත්වයක නොසිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු අගමැති මහින්ද රාජක්ෂ මහතාගේ වෛද්‍යවරයාය.

Read More

පිං ළිඳේ මළ සිරුරක්!

බොරලැස්ගමුව පොලිස් වසමේ කටුවාවල මංසන්ධියේ සිට නීලම්මහර පුරාණ රජමහා විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පිහිටා ඇති පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් (08) වන දින උදෑසන සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. කටුවාවල, නීලම්මහර වැනි ප්‍රදේශයන්හි පලා කොල වෙළඳාමේ යෙදෙන ග්‍රාමීය වෙළෙන්දෙකු (කීර වෙළෙන්දෙක්) උදෑසන තමන් රැගෙන එන පලා මිටි සේදීම සඳහා මෙම පොදු නාන ළිඳට දිනපතා පැමිණෙන බවත් එම වෙළෙන්දා (08) වන දින උදෑසන 06.00 පමණ පලා මිටි සේදීමට පැමිණි අවස්ථාවේදී ලිඳේ මළසිරුරක් තිබෙන බව දැක ඇති බවත් ඒ අනුව ඔහු විසින් ලබාදුන් තොරතුරු…

Read More