කෝටි 04 ක කේරළ ගංජා STF දැලේ !

කිරිබත්ගොඩ නගරයේදී රුපියල් කෝටි 04 කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස්  විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය, වරාගොඩ පදිංචි 55 හැවිරිදි අයෙක්, මට්ටක්කුලිය පදිංචි 28 හැවිරිදි අයෙක් හා කොළඹ 07 පදිංචි 44 හැවිරිදි අයෙකි. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පො.ප. එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10 ) දින කිරිබත්ගොඩ පොලිස් වසමේ කිරිබත්ගොඩ නගරයේ මාර්ග සංඥාව අසල දී සහ කැළණිය පොලිස් වසමේ උස්වත්ත, පහළ පාර, ගෝණවල ලිපිනයේ දී සහ කඩුවෙල…

Read More

හෙරොයින් සමඟ විදේශ යාත්‍රාවක් නාවික හමුදා භාරයට!

හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ  දී නාවික හමුදා භාරයට ගෙන ඇත. පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම නෞකාව මේ වන විට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවය. ගතවූ සතියේදීත් ජාත්‍යන්තර මුහුදේ  හෙරොයින් කිලෝ 300ක් සමග  ජාවාරමේ නිරත නෞකාවක් අත් අඩංගුවට ගත් අතර එහිදී ද විදේශික කාර්‍ය මණ්ඩලයක් අත් ඩංගුවට ගැණින. වැඩිදුර පසුවට ——-   ශානිකා

Read More

ලබන සතියේ සිට හිඟයක්

gas

ඩොලර් හිඟය නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි වීමෙන් ලබන සතියේ සිට යළි ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවට ගෑස් සමාගම් අනතුරු අඟවයි. ලාෆ් ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි හතරක් විවෘත කිරීමට සූදානම් වුවද වාණිජ බැංකු ඒ සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැත. මාසයක පමණ කාලයක් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ දහඅටක් පමණ හිස් වී තිබේ. මෙම සිලින්ඩර පිරවීම සඳහා කඩිනමින් ගෑස් ආනයනය කිරීමට ඩොලර් ලැබිය යුතු බව ගෑස් සමාගම සඳහන් කරයි.

Read More

15 වැනි මහ බැංකු අධිපති සිය ධුරය අත් හරියි!

මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එලඹෙන 14 වන දා විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව විශ්‍රාම යාම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ රටක් ලෙස හැඳින්වීමට සිදුවීම ගැනත් රට ගොඩ ගැනීමට පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් කනගාටු වන බව ඔහු පැවසුවේය. එසේම මෙලෙස මහ බැංකු අධිපති අධිපතිධුරය අත් හැරීමට සිදුවීම වෙස් වලාගත් ආශිර්වාදයක් බවද ඔහු කියා සිටියි.…

Read More

පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළේ පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ සහයෝගයක් අහිමි වී ගිය පසුබිමක හය මාසයකට පසුව ශ්‍රී ලංකා විස්සයි20 තරගයකට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් අගනා පිතිකරණයක නිරත විය.…

Read More

සංවේදිකම දුර්වලකමක් නොවෙයි

basil-rajapaksha

සංවේදීකම යනු දුර්වලකමක් නොවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ආණ්ඩුන නිකුත් කරන ඇතැම් චක්‍රලේඛ පසුව වෙනස් කිරීමට තීරණය කරනුයේ සංවේදී බව නිසා මිස දුර්වලකම නිසා නොවන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. එයින් පෙනී යන්නේ ජනපති, අගමැති, ඇමැතිවරුන් ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන ආකාරය බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. රට වැසිය යුතු නැතැයි යන මතයේ මුල සිට සිටි නමුත් මහා සංඝරත්නය, වෛද්‍ය විශේෂඥයන් ඇතුළු පිරිසගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සලකා රට වැසීමට තීරණය කළේත් එකී සංවේදීකම නිසාම බවත් ඇමැතිවරයා පැවසීය. කෙසේ වෙතත් රට…

Read More