කිරිපිටි පෝලිං වෙනුවට කොන්සියුලර් පෝලිමක් – ස, තමයි හොදටම කොරේ – විශාල පිරිසක් රට හැර යයි

SriLankan

ගෑස් පෝලිං කිරිපිටි පෝලිං පෙට්රල් පෝලිම් පසුගියදා දක්නට ලැබුනත් අද වෙද්දි කොළඹ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට බුරුතු පිටින් තරුණ පිරිස් පැමිණෙන ආකාරය දක්නට ලැබේ. ඒ රටේ පවතින දැඩි ආර්ථික පරිහානිය නිසා ශ්‍රී ලංකා මාතෘ භූමිය හැර යෑමට තරුණ පිරිස් සුදානම් වීමත් සමගයි. අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියා සිටියි. එහි සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ බැංකු පද්ධතිය බරපතළ අවදානමකට පත්ව ඇති බවයි. රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.  

Read More

හැකරැල්ලන් නිසා පීඩාවට පත් ගමක්!

ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ යකල්ල උඩකල්ලාගම උල්පත් පාර යන ගම්මාන ජනතාවට මේ දිනවල හැකරලුන් විශේෂයක් ආක්‍රමනය කිරීම නිසා දැඩි අසිරුවෙන් පත්ව සිටිති. මේ වනවිට ගම්මාන පුරාවට මෙන්ම නිවාස තුළද හැකරලු විශේෂය දක්නට ලැබේ.ප්‍රදේශවාසින් පවසන්නේ රාත්‍රි කාලයට මෙන්ම දහවලටත් මෙම සතුන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන බවත් ආහාර පිසිම හා ආහාර පාන ගැනීම පව අසිරු තත්වයකට පත්වි ඇති බවයි. ප්‍රදේශයේම ජනතාවට මහත් සම්පතක් වන යකල්ල උල්පත ගම්මානය තුලද හැකරලුන් බහුලව දක්නට ලැබෙන අතර එම උල්පත භාවිතා කර ජලය ස්නානය කරන හා ජලය පානය කරන 500 අධික ගම්වැසියන් ස්වාභාවික ජල උල්පතක් වන යකල්ල…

Read More

පොලිස් ස්ථානාධිපති පුටුවටත් පුංචි යුද්ධයක් !

police

පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස්වීම් වලට අනුව  ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමත් සමග පුරප්පාඩුව ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අසුන හිමිකර ගැනීම සදහා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු සීතල යුද්ධයක නිරතවි සිටිනා බව අනාවරණය විය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් දෙවතාවක් තේරීපත්වි මේ වනවිටත් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතා නව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස වැඩ බාර ගැනීමට නියමිව සිටිනා අතර ඔහුගෙන් පසුව හිස්වන මූලස්ථාන පොලිස් පරික්ෂක අසුනට තමන් වඩාම සුදුසු බව කියමින් ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනා තරගයක නිරතවි සිටිති. ඒ අනුව අනුරාධපුර…

Read More

විදේශීය බලවේග පරදා මිල වැඩි නොකල දේශීය කිරිපිටි සමාගම රැකගමු

highland

නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි. ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පහල මහලේ පවත්වාගෙන යන දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක අලෙවිසැලෙන් (13) දින කිරිපිටි මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. කිරිපිටි මිල දි ගැනිමට පැමිණෙන සැම පාරිභෝගිකයෙකුටම එක් කිරිපිටි පැකට්ටුව…

Read More

වැඩි මිලට සීනි විකිණූ සීනි වෙළෙඳුන් අල්ලයි

sugar

පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට සීනි විකිණූ සීනි වෙළෙඳුන් තිදෙනකුට ලක්ෂය බැගින් දඩ නියම කර ඇත. පාලන මිලට වඩා වැඩි මිලට සීනි අලෙවි කළ පිටකොටුව මහා පරිමාන සීනි ව්‍යාපාරිකයින් තිදෙනකුට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් දඩ නියම කළ බව එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි. ඉදිරියේදී සීනි හිඟයක් – සීනි මිලත් ඉහළට

Read More

ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා ගේම් මාරයා අරන් යයි

gamemaraya

‘ඔන්ලයින් අධ්‍යාපනයට මම දරුවට ෆෝන් එකක් අරං දුන්නා. ඔන්ලයින් නැති වුණ නිසා එයා ගේම් ගහන්න පුරුදු වෙලා. ඩේටා කාඞ් ටික හමුවුණාට පස්සෙයි ඒක දැනගත්තෙ. අනේ අම්මේ තාත්තේ වැඳලා කියන්නම් දරුවන්ට ෆෝන් නම් දෙන්න එපා. අනේ මගේ දරුවා’’ යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ පියෙක් හඬා වැළපෙමින් පැවසීය. බණ්ඩාරගම රයිගම, ගුන්ගමුව, හර්බට් වික‍්‍රමසිංහ මාවතේ පදිංචිව සිටි වික‍්‍රමආරච්චිගේ දොන් ඉසුරු අශේන් සිසුවාගේ මළසිරුර ඔහු පදිංචි නිවසේ මුළුතැන් ගෙයි කොන්ක‍්‍රීට් කණුවක එල්ලෙමින් තිබියදී පෙරේදා (11දා) රාත‍්‍රී සොයා ගැනීමෙන් අනතුරුව අශේන්ගේ පියා හඬා වැටෙමින් අප සමඟ එසේ පැවසීය. ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට…

Read More

හැරී සහ මේගන්, ඩයනා කුමරියගේ අනුස්මරණ උත්සවයට එක් නොවීමේ තීරණයක

harimegon

එංගලන්තයේ ඩයනා කුමරියට ගෞරව පුද කිරීමේ උත්සවයක් ලබන සතියට යෙදී තිබේ. කෙසේ වුවද රජ පවුලෙන් ඈත්ව සිටින හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය ඊට සහභාගී නොවීමේ තීරණයක සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ. මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනුයේ කෙන්සිංටන් මාලිගයේදීය. කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ඇතුළු ආරාධිතයින් සියයක් පමණ මීට සහභාගී වීමට නියමිතය. සැමරුම් උත්සවය එළඹෙන 19වනදා පැවැත්වීමට නියමිතය.

Read More

විකල්ප නැහැ – තෙල් මිල වැඩි කිරීමට සුදානම් – පුවත් ඵලදරයි

oil

පවතින තත්වය මත ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබා නොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බවත් එවැනි තත්වයක් හමුවේ මිල ඉහළ දැමීමකින් තොරව පවත්වාගෙනයා නොහැකි බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පැවසුවේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් තම රජයට නැතැයි බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පැවසීය. ඔබ සුදානම්ද? මීළග වැඩි වීම…

Read More

දුම්වැටි සඟවයි..දුම්වැටි මිල තවත් ඉහල යන ලකුණු

dumwati

දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල  දුම්වැටි හිගයක් පවතින බවට වාර්තා වනවා. දුම්වැටි අලෙවි කරන එජන්සිය මගින් වෙනත් දින වලට වඩා වෙළඳසල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙළඳසල් හිමියන් විසින් දුම්වැටි සගවා ඇති බවයි පාරිභෝගිකයන් පවසන්නේ. මේ සම්බන්ධයෙන්  දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ වෙනත් දිනවලට සාපෙක්ෂව වෙළඳුන්ගේ දුම්වැටි මිල දි ගැනිම සදහා විශාල ඉල්ලුමක් පැවති බවත්, එම ඉල්ලුම අනුව වෙලදුන්ට දුම්වැටි තොග අලෙවි කළ බවයි.

Read More

ඉදිරියේදී සීනි හිඟයක් – සීනි මිලත් ඉහළට

sugar

පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර තිබෙනවා. සීනි තොග මිල රුපියල් 130ක් වන අතර සිල්ලර මිල රුපියල් 138ක් දක්වා ඊයේ (12) වනවිට වැඩි වී තිබූ බවයි පිටකොටුව තොග වෙළෙන්දන් පැවසුවේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැප්තැම්බර් මස දෙවැනි දින නිකුත් කළ පාලන මිල ගැසට් නිවේදනයට අනුව සුදු සීනි සිල්ලර මිල රුපියල් 122ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 125ක්. එමෙන්ම දුඹුරු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ල මිල රුපියල් 125ක් වනවා. සීනි ආනයනය කිරීමට අවසර දී ඇතත් ඩොලර් හිඟය…

Read More