දැන් පොහොර ගැන විතරයි කථා, වල් මර්දනය ගැන නැහැ – ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය

portest

නිසි කලට වේලාවට පොහොර ලබා දෙන ලෙසත් චීන කසල මෙරට රන් පොළවට නොදමන ලෙසත් බල කරමින් පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද (19) පෙරවරුවේ පොලොන්නරුවේ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 35කට  ගොවීන් 2000ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ. පොලොන්නරුව මහ රෝහල හන්දියේ සිට පොලොන්නරුව දීප උයන දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි ගොවීන් එම ස්ථානයේ දී පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර් ගය අවහිර කරමින් පාරේ වාඩි වී පැය දෙකකට වැඩි වේලාවක් විරොධතා සටන් පාඨ කියමින් සිය විරෝධය පළ කළ හ. මෙහි දී පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ…

Read More

තණකොළපෙත්තන්, කැරපොත්තන්, කුරුමිණියන්, ගෙමැස්සන් බත් වෙනුවට ප්‍රධාන ආහාරය වෙන ලකුණු

gemassa

කෘමින් යොදා සැකසූ ආහාර පරිභෝජනය කිරීමේ රැල්ලක් රට තුළ ඇතිව ඇත. ගෝනුස්සන්, කැරපොත්තන්, පණුවන් යොදා සැකසූ කෙටි ආහාර කෑම වේල් සාධාරණ මිල ගණන්වලට අලෙවි කිරීම ආසියා රටවල ජනප්‍රියවෙමින් පවතින්නේය. මීට පෙර මේ රැල්ල පැවතියේ නැගෙනහිර ආසියාව, ලතින් ඇමරිකාව හා අප්‍රිකා රටවල පමණකි. ඉහත සදහන් කළ කෘමීන් වැඩි වශයෙන් තායිලන්තය ඇතුළු නැගෙනහිර ආසියා රටවල්වලින් බහුලව ආනයනය කරන අතර ඒවා යොදා සැකසූ ආහාරවල පවතින ගුණාංග, පෝෂණ ගුණය ඉස්මතු කරලීමටද මෙවැනි ආහාර අලෙවි කරන අවන්හල් හිමියෝ කටයුතු කරති. “කෘමීන් ආහාරයට ගැනීමේදී තවමත් නව්‍ය වටිනාකමක් ඇත, නමුත් දෝෂවලින් පිරි මාංශ අනුභවයට වඩා රසවත් විකල්ප…

Read More

රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමක්

corona

ලොව රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ල‍ැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එහෙත් එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

Read More

පුන්නක්කු කන්නත් බැරිවෙයි – කිලෝව 1000කින් වැඩි වෙයි

punnakku

පුන්නක්කු කිලෝව රුපියල් දහසකින් පමණ මිල වැඩි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි. ඒ මහතා කියා සිටියේ රුපියල් 1800ට පැවැති පුන්නක්කු කිලෝව මේ වනවිට රුපියල් 2800ට ඉහළ නැග ඇති බවකි. ඒ අනුව ගවයන්ට කෑම ලබා දීම පවා අර්බූදයකට ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

Read More

ගලබොඩවත්තේ මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට

miris

එක් ගමකට එක් බෝගයක් සංකල්පය යටතේ නාවලපිටිය ගලබොඩවත්තේ ක්‍රියාත්මක මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා. වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදාවක් නොමැති ඉඩම් අක්කර සියයක් අක්කර භාගය බැගින් වතුකරයේ තරුණ ප්‍රජාව අතර බෙදා දී මීට මාස තුනකට පමණ පෙර මෙම මිරිස් වගාව ආරම්භ කෙරුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම මිරිස් වගාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර සරාන් මහතා නිරීක්ෂණය කලා. මෙම වැඩපිළිවෙළ සාර්ථක බව පෙන්වා දුන් ඒ මහතා සාම්ප්‍රදායික ගොවිතැනින් බැහැරව මෙවැනි කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක…

Read More

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද දිවයිනට

kubura

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි. හෙක්ටයාර් 900,000කට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා. පළමු අධියර ලෙස අද නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින් මෙරටට ගෙන ඒමට නියමිතව තිබෙනවා.

Read More

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අද

nabi

ඉස්ලාම් බැතිමතුන්ගේ ශාස්තෘවරයා වන ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමාගේ උපන් දිනය සමරන සියලු ඉස්ලාම් ජනතාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශුභාශිංසන එක් කර තිබෙනවා. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැඟීමට සිය පෞද්ගලික ජීවිතය තුළින් අන් අයට ආදර්ශයක් වෙමින් කැපවූ මුහම්මද් නබි නායකතුමා ඉස්ලාම් හර පද්ධතියක් බිහි කළ නියමුවා බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දෙවියන්ගේ දූතයෙකු ලෙස නබි නායකතුමාගේ ඉගැන්වීමේ මූලික හරය වන්නේ මනුෂ්‍ය වර්ගයාට යහපත් මාර්ගය පෙන්වා දීම බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. එය අනුගමනය කරන සියලු ඉස්ලාම් ජනතාවට යහපත් සමාජයක් වෙනුවෙන් සිය දායකත්වය උපරිමයෙන් දිය හැකි බවයි අග්‍රාමාත්‍යවරයාගේ සුභාසිංෂණ පණිවිඩයේ…

Read More

ගව ඝාතනය කඩිනමින් නතර කරන්න පියවර තබයි

cow

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා. මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ සඳහා අනුමැතිය ඉල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමැතිවරුන් දෙදෙනකු එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරි පත් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන පනත, සත්ව පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා…

Read More

අවිශ්ක සහ භානුක ශ්‍රී ලංකාව අවමානයෙන් ගලවා ගනියි

srilanka-team

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමන් සහභාගී වූ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණා. අබුඩාබි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියාවට දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19කුත් පන්දු 3කදී ප්‍රතිවාදි පිල ලකුණු 96කට සීමා කළ අතර, ඕවර 13.3ක් ඇතුළත කඩුලු 3ක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්ක සපුරා ගත්තේය. අගනා පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවාලූ අතර, ළහිරු කුමාර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාලූහ ජයග්‍රහණය සඳහා ලකුණු 97ක පහසු ඉලක්කයක් හිමි වූවත් ශ්‍රී ලංකාවේ…

Read More