අතිශය දුෂ්කර වකවානුවේ ආණ්ඩුව වැටෙයිද?

duskara

ශ්‍රී ලංකාව පසුකරමින් සිටින්නේ අතිශය දුෂ්කර වකවානුවකි. රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටියි. අඩුවන ඩොලර් ආදායම අනුව ආනයන සීමාකිරීමට සිදුවී තිබේ. එහෙයින් වෙළඳපොළේ සුවිශාල භාණ්ඩ හිඟයක් තිබේ. එය වැළැක්විය නොහැකි තත්වයකි. ආනයනික භාණ්ඩ හිඟය ඇතැම් අපනයනවලට බලපෑමක් කරයි. ඒ හැරෙන්නට, ජන ජීවිතයේ පාරිභෝජනවාදය සීමාවීම හැර අනෙක් බරපතල බලපෑමක් දැනට එයින් සිදුවී නැත. උදාහරණයක් ලෙස, වාහන ආනයනය නැවතී අවුරුදු දෙකක් පමණ වුවද, රටේ වාහන හිඟයක් නැත. සහනාධාර, මිල පාලනය ආදිය අවසන් වෙමින් තිබේ. නුදුරු දිනෙකම ශ්‍රී ලංකාවට ඉන්ධන මිල නැවත වැඩිකිරීමට සිදුවනු ඇත. ඒ සමගම තවත් වටයකින් උද්ධමනය ඉහළ යනු…

Read More

පසුගිය මාස කීපයේදී කාන්තාවන් 1500ක් ආගිය අතක් නෑ

missing

පසුගිය මාස කීපයේදී ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. අතුරුදන්ව සිටින මෙම කාන්තාවන් අතර විවාහක අයද සිටින අතර ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත වූවාදැයි පොලීසියට සැක මතුවී ඇත. මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු පවසති.   lanka hot news

Read More

පාලින්දනුවර ජනතාව ගම් බිම් අතහැර යයි

palindara

පාලින්ද නුවර , ගලහිටි, විදිය බණ්ඩාර ජන උදාන ගම්මානයේ වැඩ කටයුතු අතර මග නතරවි පදිංචි ජනතාව සිව් වසරක් තිස්සේ බොන්න වතුර නැතිව අසරණවි සිටිති. 2019 වසරේදි පදිංචියට පැමිණි ජනතාවට ගේ දොර හදා ගන්නට ආධාර , ආදායම් මාර්ග නැතිව පදිංචිකරුවන් 52 දෙදෙනාගෙන් පිරිසක්මේ වන විට ගම් බිම් අතහැර ගොසිනි. ගංවතුරින් , නායයාමෙන් අසරණව යන එන මං නැතිවු ජනතාවගෙන් පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ඉඩම් කච්චේරි පවත්වා තෝරාගත් පිරිසක් මෙසේ වැඩ කටයුතු අතරමග නතරවු උදා ගමේ දුක් විදිති. රුපියල් ලක්ෂ දහයක් වැයකර ගම්මානයට ජල ව්‍යාපෘතියක් ආරම්භ ක්‍රියාත්මක කර ඇතත් එය අතරමග නතරව…

Read More

වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව නඩු

law

මෙරට ප්‍රධාන පෙළේ වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා ඇති බව වාර්තා වේ. පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවත් පවතින තත්ත්වය හමුවේ අසාධාරණ ලෙස ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ සමාගම්වලට එරෙහිව මෙලෙස කටයුතු කොට ඇති බව පැවසේ.

Read More