නැගණියගේ ඝාතකනයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරයි

law

අවිවාහක සිය නැගණිය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයෙකු මේ මස (24දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඇලයාපත්තුව පොලිස් වසමේ ගල්කඩවල ගල්පොත්තේගම ලිපිනයේ පදිංචි ජේ.එම් මහේෂ් දුමින්ද යන අයයි. කැති ප්‍රහාරයට ලක්විමෙන් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ සැලොන් හිස කෙයාර් ආයතනයේ හිමිකරුවූ අංක 345/ඒ හයිලෙවල් පාර නාවින්න මහරගම හා අංක 46/46 ෂිපින් ලංකා කුළුණ නවම්මාවත කොළඹ 2 ලිපිනයේ ආයතන පවත්වා…

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ

අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. “පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව සපුගස්කන්ද තෙල්පිරිපහදුව වසා දැමීමට අපි තීරණය කළා. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ, ජලයෙන් ඒ නිසා අපට දැවිතෙල් අවශ්‍යතාවයක් නැතැයි කියලා විදුලිබල අමාත්‍යාංශය අපට දැනුම් දීලා තියෙනවා. ගුවන්…

Read More

මධ්‍යම කදුකරයට අධික වැසි

vimalasurendra1

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කොටගල, ආගරපතන, ඩයගම, යන ප්‍රදේශවල එලවලු වගාවන් විනාශයට පත්විමත් සමග එම එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල එලවලු ගොවින් පිරිසක් පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමත් සමග තමන් දැඩි අසරන තත්වයන්ට පත්ව ඇති බවත්ය. තමන් ඉතා දුක් මහන්සියෙන් රන් ආභරන පවා උගසට තබා ණය ලබා ගෙන මෙම එලවලු වගාවන් සිදු කල බවත් එම එලවලු වගාවන් මෙසේ වැසි හේතුවෙන් විනාශයට පත් විමත් සමග තමන් මෙසේ අසරණ තත්වයන්ට…

Read More

දේශපාලන බල පොරය උග්‍ර අතට

politics

කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන බල පොරය උග්‍ර වෙමින් මේ වන විට අළුත් , තරුණ මුහුණු කීපයක් දේශපාලනයට පිවිසෙමින් තිබේ. කෝටිපති ව්‍යාපාරිකයෙකු වු හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික පින්නගොඩ විතාන මහතා සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සම ලේකම් වරයෙකු ලෙස පත් කර ඇත. සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතින් රසික පින්නගොඩ විතාන මහතා පසු ගිය දා සිය පත්වීම බාර ගත්තේය. මේ අතර දේශපාලනයෙන් කළුතරට සමුදි තිබු හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු යළි ආරම්භ කර…

Read More

අන්දමන් මුහුදු ප්‍රදේශය අන්දමන් වෙයි

weather

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා. මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද (15) දින වනවිට උතුරු අන්දමන් මුහුදේ පීඩන අවපාතයක් බවට පත්විය හැකියි. දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. එමෙන්ම, කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක…

Read More

ඊජිප්තුවේ අස්වාන් නගරය ගෝනුස්සන් ආක්‍රමණය කරයි

gonussan

මාරාන්තික විෂ සහිත ගෝනුස්සන් දෂ්ට කිරීම හේතුවෙන් ඊජිප්තුවේ අස්වාන් නගරයේ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෝනුස්සන් දෂ්ට කිරීම් හේතුවෙන් තවත් 450 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය. අධික වැසි සහිත අහයපත් කාලගුණය හේතුවෙන් ගෝනුස්සන් නගරයේ වීදිවලට ගසාගෙන ගොස් තිබීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.

Read More

T 20 කිරුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට

Australian team

හත්වැනි වරට පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් විය. ඩුබායිහිදී පැවැති අවසන් මහා තරගයෙන් නවසීලන්තය කඩුලු 8කින් පරාජයට පත් කළ ඔස්ට්‍රේලියාව දිනාගත් මංගල විස්සයි20 ලෝක ශූරතාව මෙයයි. ටෙස් ලෝක ශූරතාව හිමි කර ගෙන සිටියද තවමත් අයිසීසී සීමිත ඕවර ශූරතාවක් දිනා නැති නවසීලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අනුශූරයන් වූයේ ද පළමු වරටය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 172කට සීමා කළ ඔස්ට්‍රේලියාව පන්දු 7ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි. අවසන් තරගයේ…

Read More

ඩොලර් නෑ… බොරතෙල් නෑ… ඉදිරියේදී දැවැන්ත විදුලි කප්පාදුවක්

breaking news sri lanka tamil

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය. අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය මාස කීපය තුල බොරතෙල් ලංකාවට ගෙන්නන්න නිකුත් කරපු ටෙන්ඩර් පහටම එකම සැපයුම්කරුවෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. අපේ පිරිපහදුව වහලා දාන්න වෙනවා. පිරිපහදුව වැහුවොත් මතක තියාගන්න ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාර ගණනාවක් තෙල් පිරිපහදුවේ ඒ පෙට් රල්…

Read More

කලකට පසුව… අලුත් ගමනකට අනුර සැරසෙයි – අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා

breaking news daily mirror

සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ  32 වන ඉල‍්මහ විරු සමරුවට එක්වෙමිනි. 88/89 සන්නද්ධ අරගලයේදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුළු පක්ෂ සමාජීකයින් සිහිකිරීමේ 32 වන ඉල්මහ විරු සමරුව  පැවැත්වුණේ අන්තර්ජාලයේ සජීවි විකාශයක් ලෙසිනි. ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් එක්වී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, “අද ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල්…

Read More

එන්නත් දෙකම ලබාගත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළට

corona-ennatha

කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටින බවත්, එන්නත්කරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රකාශ විශ්වාසනීයභාවයකින් තොර බවත්, ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් කෝවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව අවධාරණය කරයි. රටේ එන්නත්කරණය ආරම්භවූ අවස්ථාවේදී ඇස්ට‍්‍රසෙනිකා එන්නත හොදම එන්නත යැයි කියූ බලධාරීන්, එම එන්නත ගෙන්වීමට නොහැකි වන විට සයිනොෆාම් එන්නත් තොග ලංකාවට ගෙන්වමින් තමන්ට ලැබෙන එන්නත හොදම එන්නත යැයි විශ්වාස කරන ලෙස ඉල්ලා සිටියේය. ඉන් පසුව ෆයිසර් එන්නත් මාත‍්‍රා තොග ලැබෙන විට සයිනොෆාම් එන්නතේ ප‍්‍රතිශක්තීකරණ බලය…

Read More