COVID 19 තුන්වැනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ

60-wadi

වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි. පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත් වර්ගයකින් වුව ද තුන්වෙනි මාත්‍රාව ලෙස ලබා ලබාදෙන්නේ ෆයිසර් එන්නත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනූ රහස

eran-finch

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කරා පැමිණි ගමනේදී සහභාගි වූ තරග 7කින් 6කම කාසියේ වාසිය දිනා ගැනීම තීරණාත්මක සාධකයක් වූ බව ඔස්ට්‍රේලියා නායක එරන් ෆින්ච් පවසයි. අවසන් මහා තරගයද ඇතුළුව මෙවර තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරග 7කින් කාසියේ වාසිය දිනාගත් අවස්ථා 6දීම ඔවුන් දෙවනුව පන්දුවට පහරදෙමින් ජය වාර්තාකර ගත්තේය. විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේදී තරමක වාසනාවක් තිබිය යුතුයි. එහෙම කිව්වා කියලා මාව වැරදියට වටහාගන්න එපා. අපි තරග 7කින් 6ක කාසියේ වාසිය දිනා ගත්තා. ඒකත් දීර්ඝ ගමනක් එන්න එක හේතුවක්. නමුත් අපි ඇත්තටම ආක්‍රමණශීලීව හොඳින් ක්‍රීඩා කළා. සුපිරි 12 වටයේ…

Read More

සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

death

කපා දැමූ පොල් ගසක් මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් මතට ඇද වැටීමෙන් යතුරු පැදිය පැදවූ සය දරු පියෙකුට මරු කැදවීම හා දියණිය බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සේවකයන් දෙදෙනෙකු මේ මස (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක එස් ජයසූරිය මහතා නියෝග කළේය. අනුරාධපුර කලත්තෑව නෙළුම්කන්නිය මාර්ගයේ තරියන්කුලම මංසන්ධිය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුයේ නල්ලමුදාව ඇඳගල ලිපිනයේ පදිංචිව සිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමික සේවකයෙකු වන බී. ඒ ගුණරත්න (70) නැමැති සය දරු පියායි. සැකකාර සේවකයන් දෙදෙනා අපරික්ෂාකාරි…

Read More

පොලිස් ස්ථානාධිපතිගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු හිමිනමකට ප්‍රහාරයක් එල්ල කරයි

ambuluwawa

අනුරාධපුර සාමවිහාරයේ ධර්ම ශාලාව පිටුපස මත්පැන් පානය කළ බව කියන කොඩිකාමම් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු එහි වැඩවසන විහාරවාසි හිමිනමකට සංඝාවාසය තුළදි පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට පොලිස්ථානයට බාරවිමෙන් පසුව අත්අඩංගුව ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල පදිංචි 18 හැවරදි උසස් පෙළ හැදෑරීමට නියමිත එප්පාවල පිහිටි රජයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වන අතර ඔවුන් අතර කොඩිකාමම් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා හා යුද හමුදා නිලධාරියෙකුගේ පුත්‍රයකු ඇතුළු තිදෙනෙකු සිටින බව පොලිසිය පවසයි. පහරදීමට සැකකරනා තරුණයන් තිදෙනා විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල පිටුපස…

Read More

මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව ලබන 30 වැනිදා දක්වා තහනම්

stop

නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) නිකුත් කළේය. එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය. නිවසින් බැහැරට යෑම හැකිතාක් දුරට අඩුකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. *අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා එම පන්ති පවත්වන ස්ථානයේ ධාරිතාවයෙන් 50%ක් සහිතව අවසර ලබාදී තිබේ. *එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමට ද අවසර හිමිවේ. *මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව ඊයේ( 15) රාත්‍රී 12.00  සිට සිට…

Read More

FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට

sinhala news papers

FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි.    

Read More

පාසල් සිසුන් 64කට කොරෝනා

corona

ඉකුත් සති දෙකක කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි. ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 14 වැනි දින දක්වා කාලය තුළදී එම දිස්ත්‍රික්කයේ පාසල් 28ක පාසල් දරුවන් 64 දෙනෙකුට මෙලෙස කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ. මෙම ආසාදිත දරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග නිවෙස්වල නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

Read More

බෙහෙත් වට්ටෝරුවට කොට්ටෝරුවෝ කෙටීම

medicine1

ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සහ නිසි පෝෂණ අවශ්‍යතාවයන් නිසිලෙස නොසැරිපෙන තත්තවයකට පත්ව ඇත.මෙම සියලු කරුණු හමුවේ පීඩිත ගසෙන් වැටුන ජනතාවට ගොනා ඇන්නා මදිවට කනටත් පහරක් ලබාදෙමින් නිල සහ නෙ‍ානිල මට්ටමින් ඖෂධ මිල ඉහළ ගොස් තිබේ.රෝගීන් සහ ඖෂධ අලෙවිසැල් හිමියන් පවසන්නේ 10%- 100% අතර මිළකින් බොහෝ ඖෂධ මිළ ඉහළ ගොස් ඇති බවයි. එක් අමාත්‍යංශයක්ව පැවති සෞඛ්‍ය අමාත්‍යංශය කොටස් හතරකට බෙදා විද්‍යාත්මකව පාලනය කරනවා යැයි පාරම්බෑ ආණ්ඩුව අවසානයේ දී විද්‍යාත්මක පාලනය කිරීමේ එකම ක්‍රමවේදය මිළ වැඩිකිරීම බව පසක් කරමින් සිටි. ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව අද වන…

Read More