තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරයි

gas

හෝකන්දර ප්‍රදේශයේ අද (25) අලුයම 04ට තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියේය. කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රවීන ගණිත ගුරුවරයෙකුගේ නිවසේ මුළුතැන් ගෙය තුළ මෙම විශාල පිපීරී යෑම සිදු වී තිබිණි. ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයෙක් වූ ඔහු ගේ නිවසට මෙම පිපීරී යෑම නිසා දැඩි ලෙස හානි වී තිබිණි. කිසිවෙකුටත් අනතුරක් සිදුවී තිබුණේ නැත. මේ වනවිට කොට්ටාව පොලිසිය විසින් මේ පිළිබඳව මූලික විමර්ශණ ආරම්භ වී ඇති අතර එහිදී පෙනී ගොස් ඇත්තේ සිලින්ඩරයේ රෙගියුලේටරය අසලින් මෙම පිපිරීම සිදුව ඇති බවය. එයින් වාසනාවකට ගින්නක් ඇති වී නොමැති අතර පිපිරීම නිසා නිවසට බරපතල හානි සිදුව ඇත.…

Read More

මාර්ගෝපදේශ 14ක් සහිත තවත් ගැසට් නිවේදනයක්

gazet

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය. මාර්ගෝපදේශ 14ක් එම නව ගැසට් පත්‍රය මඟින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර 2019 වසරේ ඔක්තෝබර් 29 වන දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරන ලද ජනාධිපති නීතිඥයින් පත්කිරීම…

Read More

ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කල අයම අය වැයට පක්ෂව ඡන්දය දෙයි

pradeepan

මෙවර අය වැයට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමහර අය මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි අය මෙම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ජනතාව තුල කුතුහලයක් අති කලත් අවසානයේ මේ සියලුම දෙනා අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පි. ප්‍රදිපන් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. ජනතා අකර්ශණය දිනා ගැනිමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් මෙන්ම ශ්‍රි…

Read More

මේ රට ගොඩනැඟීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නොවෙයි

anura-kumara

ඇමැති බැසිල් රාජපක්ෂ කියන පරිදි මේ අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9ක් තබාගෙන එය ඩොලර් බිලියන 19 දක්වා වැඩි කරන්න ඔහුට හැකිනම් ඔහු විශ්වකර්මයෙක් යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. “නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අය-වැය විවාදයට සම්බන්ධ වීම සඳහා මට කාලය ලබාදීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දැන් තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මම කියන්නම්. මම දැක්කා එක සටහනක් තිබුණා,” තාත්තා තෙල් පෝලිමේ, අම්මා ගෑස් පෝලිමේ, දුව කිරි පිටි පෝලිමේ, පුතා පාස්පෝට් පෝලිමේ’ කියලා. ඒ කියන්නේ මේ ආර්ථිකය පවුලකට දැනෙන…

Read More

හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ

gotabaya

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබා දීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බව ජනාධිපතිතුමා පවසයි. ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු ය. එමෙන් ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනා ගත යුතු ය. ඒ සමග සටන් වැද නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන්  ජනාධිපති කාර්යාලයේ…

Read More

රුසියානු ආරක්ෂක ලේකම් ස්පුට්නික් සමඟ මෙරටට

nikolas

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ (KGB) සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවට 2022 පෙබරවාරි 19 වන දිනට 65 වසරක් සපිරේ. නිකොලායි මහතාගේ මෙම සංචාරය මඟින් දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කෙරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නිකොලායි මහතා මෙරටට රැගෙන ආ ස්පුට්නික් එන්නත් මාත්‍ර 5,000ක ප්‍රදානය හා…

Read More

උද්දච්ච සහ වැඩ බැරි ඇමැතිවරු නිසා මහජනතාව අනවශ්‍ය පීඩාවන්ට

ravikumudesh

උද්දච්ච ඇමැතිවරු සහ වැඩ බැරි නිලධාරීන් නිසා මහජනතාව අනවශ්‍ය පීඩාවන්ට ලක් වෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වරයා කියනවා, ඔහුට ජනාධිපති උපදෙස් දුන්නලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වැටුප් විෂමතාවය විසදන්න කියලා. ඕක පාර්ලිමේන්තුවේ කිව්වා කියලා වැටුප් විෂමතාවය ඉවත් වෙනවද? අඩු ගානේ ඒ ගැන කථා කරන්නවත් පුලුවන් වුණා නම්, මේ වගේ වර්ජන නවත්තා ගන්න තිබුණා. රාජපක්ෂ මුදල් ඇමති පාර්ලිමේතුවේ කියපු එක අඩු ගානේ සෞඛ්‍ය ලේකම් පත්තරෙන්වත් දැකලා නෑ. සෞඛ්‍ය ලේකම්ට එකම එක සාකච්ඡාවක්වත් කරන්න බැරිවෙලා තියනවා, මේ වෘත්තිකයින්ගේ ගැටළු විසදන්න. අපි ඉස්සර හිතුවේ ඔහු යුධ හමුදාවේ ඉදලා ආපු නිසා, සාකච්ඡාව දෙන්නේ නැත්තේ චන්ඩිකමට කියලා.…

Read More

සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා රෝගින් අසරණ වෙයි

hospital

ඉල්ලිම් කිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තිය සමිති 15ක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහල ඇතුළු මෙම ප්‍රදේශයේ තවත් ප්‍රාදේශීය රෝහල් කිපයකම පිරිස් එක්විමත් සමග වතුකරය ඇතුළු මෙම ප්‍රදේශයේ රෝගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා, වෛද්‍ය නොව වෘත්තිය සමිති 15ක් ඉල්ලිම් කිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය මෙසේ ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මෙම වැඩ වර්ජනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහල, කොටගල, වටවල, ගිනිගත්හේන, මස්කෙළිය, බගවන්තලාව, යන ප්‍රාදේශීය රෝහල්වල හෙද හෙදියන් ඇතුළු පිරිසක් වැඩ වර්ජනයට එක්විමත් සමග එම රෝහල්වල…

Read More

A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක්

atm

හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම A.T.M. කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණෙයි. එහිදී A.T.M. යන්ත්‍රයට අදාළ කාඩ්පත ඇතුල් කර එහි රහස් අංකය යොදා ගිණුමේ අයිතිකරුවන්ට එහි මුදල් නොමැති බව පවසන බව අනාවරණ වී තිබේ. අනතුරුව A.T.M. යන්ත්‍රය තුළට දැමූ කාඩ්පත සඟවාගෙන ඔවුන් සොරකම් කර සන්තකයේ තබාගෙන සිටින වෙනත් අවලංගු කාඩ්පතක් ගිණුම් හිමියා වෙත ලබාදෙයි. පසුව අදාළ A.T.M. කාඩ්පත භාවිත කර වෙනත් ස්ථානයකින් අදාළ ගිණුමේ…

Read More

පරණ දේශපාලන සූදුවෙන් කිසිවකුටත් ඉදිරියට යන්න බැහැ

vimal

ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට (World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කර්මාන්ත ශාලාව නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි, එනසාල් වැනි කුළුබඩු බෝග, ආයුර්වේද ඖෂධ සඳහා භාවිත කරන බෝග වැනි අපේ රටේ දේශීයව වගා කරන නිෂ්පාදනවලට අගය එකතු කරලා, යුරෝපයට අපනයනය කිරීමට අවශ්‍ය ආකාරයේ නවීනතම තාක්ෂණයෙන් යුක්ත කර්මාන්ත ශාලාවක්…

Read More