ඉදිරි දිනවල විදුලි විසන්ධිවීම්.. ජලය නැතිවෙයි.. තෙල් නැති වෙයි.. අනාගතය තවත් දරුණු වෙයි

viduliya

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි. කෙරවළපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් එම සංගමය මෙම පියවර ගෙන තිබුණි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා, “අකුරට වැඩ කිරීමේදී සිදුවෙන්නේ පද්ධතිය ටිකෙන් ටික බිඳවැටෙන එක. විදුලි විසන්ධිවීම් සිදුවෙයි. එය එන්න එන්නම වැඩිවෙයි. ජලය නැතිවෙයි. රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙයි. තෙල් ගහන්න බැරිවෙයි. රට නවතියි. අපිව එතනට තල්ලු කරන්න එපා.” “අධිකරණය ගැන විතරයි අපිට අද විශ්වාසයක් තියන්න පුළුවන්. දෙසැම්බර් 8 වනදා…

Read More

නිකවැරටියෙන් තවත් ගෑස් ටැංකියක් පුපුරයි – නිවසට දැඩි හානි

gas

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කරයි . ගෑස් ටැංකිය පිපිරී යාමෙන් ඇති වූ ගිණි ගැණීමෙන් නිවසට සහ නිවසේ දේපල වලටද හානි සිදුව ඇති බවද ,මෙම ගෑස් ටැංකිය පිපිරී ගියේ ගෑස් කාන්දුවකින්ද ,වෙනත් හේතුවකින්ද යන්න පිළිබඳව වැඩිදුරටත් අදාල අංශ සමග පොලීසිය පරීක්ෂණ කෙරේ.

Read More

ගෑස් සිලින්ඩරයක් පුපුරා 19 වියැති කතක් මරුට

gas-dead

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ  රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති  විවාහක  කතක්  මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය  අංක 68 ලිපිනයේ පදිංචිව සිටි  බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. පසුගිය 13  වැනිදා ඇය නිවසේ  මුළුතැන් ගෙයි තිබූ  ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින්  දැල්වීමට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව   පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. සිද්ධිය වන විට  නිවසේ…

Read More

ඉදිරියේදී රටම අදුරේ වෙයිද?

light

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිව සහ විදුලිබල කේෂත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භක පියවරක් පමණක් බවත්, තවත් පියවර 2ක් සිය සංගමය සතුව පවතින බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

Read More

ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් ඔබ කළ යුතු දේ

gas

ඔබේ නිවෙසේ ඇති ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදුවුවහොත් හෝ සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් ඔබ කුමක් කළ යුතුදැ යි දැනුවත්ව සිටීම, යම් දිනෙක ඔබේත්, ඔබේ පවුලේත් ජීවිත ආරක්ෂා කරනු ඇත. ගිනි නිවීම් සහ ජීවිත ගලවාගැනීම් පුහුණු පාසැලේ ප්‍රධාන නිලධාරී එච්. එච්. මධුසිරි, ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් කාන්දුවක් සිදුවිය හැකි අයුරුත්, එවිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්නත් පහදා දුන්නේ ය. මුළුතැන්ගෙයි පහසුවෙන් ඉවත්කළ හැකි තැනක සිලින්ඩරය තැබීමේ වටිනාකම ඔහු අවධාරණය කරයි. “හදිසියක් වුණෝතින් ඉක්මනින්ම මේ ගෑස් සිලින්ඩරේ ඉවත් කරගන්න පුළුවන් තැනක තියාගන්න එක තමයි ඉතාමත්ම වැදගත් දේ,” ඔහු කියා සිටියේ ය. එසේම, ගෑස්…

Read More

ලොව ප්‍රබලතම කොවිඩ් ප්‍රභේදය සොයා ගැනේ

gampaha-corona

දකුණු අප්‍රිකාවෙන් දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇත. විද්‍යාඥයින් මෙම නව ප්‍රභේදය සොයාගෙන ඇත්තේ එන්නත්කරණය මධ්‍යයේ එරට ආසාදිතයන් යළි ඉහළ යමින් පවතින පසුබිමකය. B.1.1.529 ලෙස නම්කර ඇති මේ නව ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අබිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකර ඇත.

Read More

ඉන්දියාව සහ මියන්මාරය අතර භූ කම්පනයක්

earthq

ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එම කම්පනයේ බලපෑම ත්‍රීපුර, මනිපූර්, මීසොරාම් සහ ඇසෑම් ප්‍රාන්තවලට සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මේ හේතුවෙන් සුනාමි අවධානමක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

Read More

ත්‍රිරෝද රථයක් කරණම් ගසයි – අයෙකු මරුට

death

හැටන් සිට දික්ඔය වතු මාර්ගයක අධික වේගයෙන් ධාවනයවු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එක් අයකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත. මෙම ත්‍රිරෝද රථයේ රියදුරු සමග තිදෙනකු ගමන් කර ඇති බවත් එම ත්‍රිරෝද රථය පෙරලිමෙන් තුවාල ලැබු තුවාලකරුවන් දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට රැගෙන යන අවස්ථාවේ එක් අයකු මිය ගොස් ඇති බවත් හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. එම අනතුරින් දික්ඔය මාණික්ක වත්ත පදිංචි අවුරුදු 62ක් පමන වයැසැති කේ. සුන්දර් යන අය මිය ගොස් ඇති බවත් බරපත තුවාල ලැබු අනික් පිරිස ප්‍රතිකාර සදහා දික්ඔය  දිස්ත්‍රික්…

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු සටනේ ජය ශ්‍රී ලංකාවට

slwest

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත්විය. තරගයේ 5වන දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය. කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ බෝනර් නොදැවී ලකුණු 68යි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 386ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක කොදෙව් කණ්ඩායම ලකුණු 230ක් රැස්කළේය. අනතුරුව සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා පන්දු…

Read More