තෛයිපොංගල් උත්සවයට ජනතාව සුදානමින්

හිංදු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛයිපොංගල් උත්සවය මෙවර උත්කර්ෂවත් ලෙස සැමරිම සදහා වතු කරයේ ජනතාවද මේ වන විට සුදානම් වෙමින් සිටිති. නව වසරේ හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි ඇති අතර එම තෛයි පොංගල් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරිම සදහාත් කෝවිල්වල පුද පුජා පැවැත්විම සදහාත් වතු කරයේ ජනතාව සුදානම්වන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.   මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More

හොරුන් නැති රටක් කොයින්දෝ

Thieves

හොරුන් නොවන පිරිසක් පාලකයන් ලෙස පත්කරගැනීම කියන මිථ්‍යාව පසුපස යන අයටයි මේ කියන්නෙ. මුළු ලංකාවම හොරු. හොරකමේ තරාතිරම විතරයි වෙනස්. මාත් ජවිපෙ දේශපාලනය කරපු තහනම් කාලෙ ජවිපෙ විවෘතවම මංකොල්ලකෑවා. හිරු කණ්ඩායමට වැඩකරද්දි මං රජයේ සේවයෙන් පුළුවන් තරම් නිවාඩු අරගත්තා විතරක් නෙමෙයි නෝපේත් ගිහින් අර සංවිධානෙට වැඩකළා. ඒවත් හොරකම් තමයි. කෙනෙකුට කියන්නට පුළුවන් ඒවා කළේ පෞද්ගලික වාසි වෙනුවෙන් නෙමෙයි කියලා. නැහැ. ඒවායින් මං වගේ මෝඩයන් පෞද්ගලික වාසි නොගත්තට ගත්ත අය ගත්තා. ඊනියා විප්ලවවාදීන්ගේ හොරවැඩ ඕනැ තරම් කියන්න පුළුවන්. ඒවා තරමින් පුංචියි. චේතනාවෙන් එකයි. ලංකාවේ දේශපාලනය හොරකම එක්ක ඇතුළතින්ම සම්බන්ධයි. මේ වෙලාවෙ…

Read More

වගා නොකළ ඉඩම් වගා කීරීමට කඩිනම් උපදෙස්

අප රටේ දැනට වගා නොකළ සියලු ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී  ජනාධිපතිතුමන් විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම වසරේ මැද වනවිට ආහාර හිඟ තත්ත්වයක් මතු විය හැකි යැයි විවිධ පාර්ශ්ව අනතුරු අඟවනවා. අද ගොවිබිම්වලට යන අය ගොවීන් වගේම තරුණ කොටස් යම් අධෛර්මත්වීමක් තිබෙනවා. අපේ රටේ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා රජය මැදිහත්ව ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්…

Read More

විදුලි බිල අඩුකරගත හැකි ක්‍රමයක්

light

විදුලි බිල අඩුකර ගැනීම සඳහා සිය සුරතලුන්ව තුරුල් කර ගැනීම හෝ ව්‍යායාම කිරීම කළයුතු බව බ්‍රිතාන්‍ය බලශක්ති සැපයුම් සමාගමක් සිය පාරිභෝගිකයන් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. එම සමාගම එම උපදෙස සම්බන්ධයෙන් ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය. OVO Energy මව් සමාගම සතු SSE සමාගම ශීත ඝෘතුවෙදී උණුසුම ලබාගැනීමට උපකාරී වන පහසු සහ වියදම් අවම ක්‍රම” 10ක් සිය පාරිභෝගිකයින් වෙත යවා තිබුණි. ඕට් අනුභව කිරීම, එක තැන උඩ පැනීම, මෙන්ම සුරතල් සතුන්ව තුරුල් කරගෙන සිටීම එම ක්‍රමවේදවලට ඇතුළත් ය.

Read More

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නැරඹීමට ඉඩ

sl-sm

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%කට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා එම කාඩ්පත රැගෙන යාම හෝ එහි ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය එළඹෙන ඉරිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.  

Read More

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කෙරේ

gazet

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19 වන දින දක්වා දීර්ඝ කෙරේ. මෙහිදී නගර සභා 41ක, මහ නගර සභා 24ක සහ ප්‍රාදේශීය සභා 275ක සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ වෙයි.

Read More

කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් මුදල් අයකරයි

bus

බස් ගාස්තු ඉහල දැමිමත් සමග හැටන් ආශ්‍රිත මාර්ග කිපයකම සමහර පුද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් හිතු ආකාරයෙන් මගින්ගෙන් වැඩි පුර මුදල් අය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් කිප දෙනකුම පවසන ලද්දේ ඉන්දන මිල ඉහල යාමත් සමග පසු ගිය දිනවල බස් ගාස්තු ඉහල දැමිමෙන් පසු හැටන් බගවන්තලාව, මස්කෙළිය, සාංචිමලේ, ෆොඩයිස් හරහා ඩයගම, තලවාකැලේ, යන මාර්ගවල ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල කොන්දොස්තරවරුන් තමන්ගෙන් හිතු අකාරයෙන් වැඩි පුර මුදල් අය කරන බවත්ය. මෙම බස් රථ බොහෝමයක වැඩි කල බස් ගාස්තු පිලිබදව…

Read More

බිම්බෝම්බ සෙවූ වීර මූසිකයා මියයයි

කාම්බෝජයේ බිම්බෝම්බ සෙවීමෙහි නිරත වීමෙන් සම්මානයට ද පාත්‍ර වූ මගාවා නම් මූසිකයා ඉකුත් සති අන්තයේ මියගිය බව එම සත්ත්වයා පුහුණුකළ APOPO සංවිධානය නිවේදනය කළේ ය. මියයනවිට අටවන වියෙහි පසුවූ මගාවා උපන්නේ ටැන්සානියාවේ ය. 2016 දී කාම්බෝජයට ගෙනෙන ලද මගාවා පසුගිය වසරේ ජූනි මාසයේදී සිය කටයුතුවලින් විශ්‍රාම ගන්වන ලද්දේ ය. මේ කාළය තුළ ඔහු බිම්බෝම්බ සියයකට වඩා සොයාගෙන ඇත. මගාවා වෙත 2020 දී බ්‍රිතාන්‍යයේ People’s Dispensary for Sick Animals ආයතනය විසින් ජීවිත ගලවාගැනීමට හා රාජකාරියට ඇති කැපවීම උදෙසා රන් පදක්කමක් ද ප්‍රදානය කර තිබේ.

Read More

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ එමිල්ට මරණ දඩුවම

emai

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 10කට අධිකකාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව  ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කෙරුණු අතර මෙම සිද්ධියේදී වැලිකඩ බන්ධනාගාරයට පිවිසි එවක පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කෙරුණා. බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය අවට ප්‍රදේශය යුද පිටියක් කරමින් ඇවිලී ගිය කලබලකාරී තත්වය හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බරපතල වැරදි සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ 27 දෙනෙකු මරණයට පත්වුණා. ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී සාක්ෂි සම්පිණ්ඩනය කර ගැනීමට…

Read More

ගෑස් තොග වෙළඳපොලට

unusum puwath sinhala

හැටන් නගරය තුල පැවති උග්‍ර ගෑස් හිගයට පිලියමක් ලෙස මේ වන විට  තමන්ට ලැබෙන ගෑස් ප්‍රමාණයන් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව  ගැස් අලෙවි නියෝජිතවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නියෝජිතයා පවසන ලද්දේ  උග්‍ර ගෑස් හිගයක් පැවතියද 11වන දින තමන්ට වෙදාට වඩා ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ලැබුන බවත්ය. එම ගෑස් තොගය  පාරිභෝගිකයන් සදහා ලබා දිමට පියවර ගත් බවත් තවත් ගැස් තොගයක් 14වන දින ලැබිමට නියමිත බවද පවසන ලදි. මෙම තත්වයන් මත තවත් සති දෙක තුනක පමන කාලයක් තුලදි කිසිදු හිගයකින් තොරව ගෑස් ලබා දිමට හැකි වෙතැයි තමන් සිතන…

Read More