ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් ඇති බව අවබෝධ වන්නට පටන්ගෙන තිබේ. බලශක්ති ඇමතිවරයා දැන් කියා ඇති පරිදි, විදුලි ජනනය සඳහා ඉන්ධන සැපයුවොත්, යානවාහන සඳහා සැපයීමට ඉන්ධන ඉතිරි නොවනු ඇත. යානවාහන සඳහා ඉන්ධන දුන්නොත්, විදුලි ජනනය සඳහා ඉන්ධන දීමට බැරි වනු ඇත. පුවත්පත් (20) වාර්තා කරන පරිදි, කැළණිතිස්ස තාප බලාගාරය මුළුමණින් ඇනහිට තිබේ. හේතුව, එහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබී තිබීමයි. විදුලිය…
Read MoreDay: January 21, 2022
ඩොලර් අහේනියට ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් විසදුම්
වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ”පිළිතුර තමයි ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන එක. ශක්‍ර දේවේන්ද්‍රයාව ආනයනය කරලා ශක්‍ර දේවේන්ද්‍රයාට කියන්න ඕනෙ මෙන්න දැන් ඩොලර් ටිකක් මවලා දෙන්න, මෙහෙමයි කියලා … දැනුයි රට විවෘත වෙන්නෙ. දැන් අපි ආර්ථිකය ගොඩනගනවා. මේක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි” අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
Read Moreසපුගස්කන්ද යළිත් නවතී
සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි. මෙම බලාගාරයේ විදුලි නිෂ්පාදනය අවහිර වීම හේතුවෙන් දෛනිකව ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 100 කි. එම විදුලි බලාගරය සතුව දැවිතෙල් තිබුණේ ඊයේ රාත්‍රී 08 දක්වා විදුලි නිෂ්පාදනය සඳහා පමණි. මේ අතර කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නැවතත් ආරම්බ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය ඩීසල් තොග ඊයේ දිනයේ සිට තෙල් සංස්ථාව මගින් ලබා දී තිබෙනවා.
Read Moreශ්‍රිපාද විද්‍යා පිඨයටත් කොරෝනා එයි
පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට අලුතින් පැමිනි ගුරු සිසුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු එම සිසුන් දෙදෙනා ස්වයං නිරෝධානය සදහා නැවත ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වෛද්‍ය සුදර්ශන් මහතා පවසන ලද්දේ පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය සදහා අලුතින් පැමිනි ගුරු සිසුන් 68 දෙනකු 19වන දින දවස තුලදි රැපිට් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කිරිමේදි ගුරු සිසුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගත් බවත්ය. එසේ හදුනා ගත් ගුරු සිසුන් දෙදෙනාගෙන් එක්…
Read Moreමෙරට මානව හිමිකම් වැඩපිළිවෙළ පැසසුමට
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ ඇමැති තාරික් අහමඩ් සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඊයේ (20) පැවසීය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ සාමිවරයා පැවසුවේ ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යෑමෙන් මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණය කර ගත හැකි වනු ඇති බවයි. එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සමීප ප්‍රායෝගික මිත්‍රයකු ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානමින් සිටින බව ද සාමිවරයා…
Read Moreඉන්දුනීසියාවේ අගනගරය වෙනස් වෙයි
වර්තමාන අගනගරය වන “ජාකර්තා” නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි. ඒ් අනුව නව අගනගරය නම් කර ඇත්තේ “නුසන්තාරා” යනුවෙනි. භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති.
Read Moreහැටන් ලංගම ඩිපෝවට වාර්ථාගත ආදායමක්
තෛයි පොංගල් උත්සවයත් සමග පැමිනි සති අන්තයේ දින 04ක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 120ක වාර්ථාගත ආදායමක් ලැබි ඇති බව එම ඩිපෝවේ නිලධාරියකු පවසන ලදි. මෙ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 14 සිට 17වන දින දක්වා මෙම ඩිපෝවේ බස් රථවල මගි ප්‍රවාහන කටයුතු වලින් මෙම ආදායම ලබා ගැනිමට හැකිවු බවත්ය. මෙයින්ද වැඩිම ආදායමක් රටේ විවිධ ප්‍රදේශවල සිට දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනි වන්දනාකරුවන් හැටන් නල්ලතන්නිය අත.ර ප්‍රවාහනය කිරිමෙන් ලැබි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read More