අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කරමින් භාණ්ඩ ලැයිස්තුවක් අද (07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, කැබිනට් නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි.
Read MoreDay: March 7, 2022
“නැදුන්ගමුවේ රාජා” දැයෙන් සමුගනියි
මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත. මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය. අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ “නැදුන්ගමුවේ රාජා” 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය.
Read Moreඇමරිකානුවන් 3,000ක් රුසියානු හමුදා සමඟ සටන් වැදීමට සැරසෙයි
යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින් කළ ඉල්ලීමකට අනුව රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවෙයි. වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ ඇති බවයි.
Read Moreඩිසල් හිගය හේතුවෙන් රථ වාහන පොලිමේ
ඩිසල් හිගය හේතුවෙන් බොහෝ රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් මත ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන පොලිමේ රැදි සිටින අතර පවතින මෙම ඩිසල් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලික බස් රථ ධාවනයටද විවිධ බලපැම් එල්ලවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන රථ වාහන හිමියන් පවසනුයේ පවතින ඩිසල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින ඩිසල් හිගය හේතුවෙන් තමන්ට නිසි ලෙසබස් රථ ධාවනය කරවිමට නොහැකි තත්වයක් උදාවි ඇති බව පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreබේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ
පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි. ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 250 දෙනකු අත් අඩංගුවට
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවි දින 75ක කාලය තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 250 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂන කාර්යාංශයේ නිලධාරින් විසින් පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහාය මත මෙසේ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම පිරිස් අත් අඩංගුවට ගෙන ඇති බවත්ය. විවිධ මතු ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින අත් අඩංගුවට ගත් පිරිසෙන් වැඩිම පිරිසක් වයස අවුරුදු 20ත් 35ත් අතර…
Read Moreශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222 දැවැන්ත පරාජයක්
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 222කින් ජය ගත්තේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු 574ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 174කට දැවී ගියේ ය. ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 178ක් පමණි.
Read Moreබිත්තරයක් රුපියල් 29ත් 31ක් අතර මිල ඉහළට
බිත්තර මිල මේවිට දැඩි ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක මිල රුපියල් 29ත් 31ක් අතර මිලකට අලෙවි වන බවත්ය. බිත්තර මිල මෙසේ ඉහල යාමත් සමග බිත්තර ආහාරයට ගැනිමට තමන්ට නොහැකි තත්වයක් උදාවි ඇති බවද එම පිරිස් පවසති. මෙම තත්වයන් පිලිබදව කරන ලදවිමසිමකදි බිත්තර වෙලදුන් පවසනුයේ කුකුල් කැම මිල අධික ලෙස ඉහල යාමත් සමග බිත්තර තොග මිල ඉහල යාමෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreතිස්ස අත්තනායකගේ සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන
සමගි ජන බල වේගයේ පාර්ලීමේන්තු තිස්ස අත්තනායක මහතා විසින් ආරම්භ කර ඇති සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන මස්කෙළිය ආසනයේ හැටන් නගරයේදි පවත්වන ලදි. 05වන දින හැටන් නගරයට පැමිනි තිස්ත අත්තනායක මහතා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය, හැටන් සිරි කුරුස ක්‍රිෂ්තු දේවස්ථානය, හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු දේවස්ථානය යන පුජනිය ස්ථානවලට ගොස් ගරුතර සංඝරත්නය හා පුජකවරුන් හමුව සුහද කතා බහක නිරත විය. මෙහිදි ගරුතර සංඝරත්නය හා අන් පුජකතුමන්ලා විසින් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසට සෙත් පැතු අතර මෙහිදි තිස්ස අත්තනායක පවසන ලද්දෙ ජාතින් අතර ආගමික හා සහජිවනය…
Read More