ඇමතිවරු කොටසක් දිවුරුම් දෙති
නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුව ඇත.අද දින කොටසක් දිවුරුම්දී ඉතිරි අය වෙනත් පක්ෂ වලින් කැඳවීමට හිස්ව තබාගන්නා බවක් පෙන්නුම් කර ඇත. මුදල් ඇමති – අලි සබ්රි අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමති – ජී.එල්. පීරිස් මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප්‍රනාන්දු
මානව හිමිකම් කොමිසම රැස්වෙයි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (04) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර දැනට රට තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන උද්ඝෝෂණවලට හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණ
සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ මේවනවිට උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති. තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් අද (04) පෙරවරුවේ ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පෙරවරුවේ යවා ඇත.
පුරවැසි විරෝධය හමුවේ දේශපාලන පෙරළිය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා යයි රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. ඒ අනුව ඉල්ලා අස්වූ අය අතර මුදල් ඇමති බැසිල්ද සිටී. අගමැති මහින්දගේ බලය ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කර අනෙක් අය වැඩිදෙනෙකු ඉල්ලා අස්වන්නට සූදානමක් පවතී. බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන…
ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට අදහසක් නැහැ – අජිත් රෝහණ
දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේය. සෙනසුරාදා පස්වරු 6 සිට සඳුදා උදෑසන 6 දක්වා රජය දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.
අන්තර්වාර පාලනය අස්සේ ජනතා මතය නියෝජනය වෙන්න ඕනෑ
මේක විප්ලවයක් ඒක නිසා මේක යන්න පුලුවන් උපරීම අන්තයට යන්න ඕනෑ. ලසන්ත වික්‍රමතුංගලගේ හඬ ප්‍රගීත් එක්නැළිගොඩලගේ හඬ සිවරාම්ලගේ හඬ තාජුඩීලගේ හඬ මේ ඝෝෂාව අස්සේ සිහිනවට ඇහෙනවා. ඒ නිසා මේක උපරීමයට යන්න ඕනී. ඔවුන්ට අධිකරණයෙන් සාධාරණයක් ඉටුණොවුණත් ඔවුන්ට ජනතා අධිකරණයෙන් හෝ සාධාරණය ඉටු වෙන්න ඕනෑ. සුනාමි අරමුදලේ ඉදලා ගසාකෑ සල්ලි නැති නාස්ති කළ රාජ්‍ය අරමුදල් ජනතාවගේ…






