desa

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා යයි රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. ඒ අනුව ඉල්ලා අස්වූ අය අතර මුදල් ඇමති බැසිල්ද සිටී.

අගමැති මහින්දගේ බලය ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කර අනෙක් අය වැඩිදෙනෙකු ඉල්ලා අස්වන්නට සූදානමක් පවතී.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් දරුණු අරාජිකත්වයක් කරා ගමන් කර ඇති අතර ආර්ථිකමය වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වී හමාර බවයි.

මෙරට ආර්ථික අර්බුදය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විදෙස් ප්‍රවෘත්ති සේවාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන පද්ධතියම ඒ හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති බවයි.

ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස හෙට (05)වෙනම අසුන් ගනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමති වාසුදේව නානයක්කාර මහතා ද ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කරනු ලැබුවද තවමත් ආණ්ඩු පක්ෂයේ කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) සවස 5.00ට මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ දී රැස්වීමට නියමිතය.

Similar Posts