මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.
Read MoreDay: May 25, 2022
ඩොලර් අර්බුදය පමණක් නොව රුපියල් අර්බුදයත් පැමිණෙයි
ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සාපේක්ෂව මහජන විරෝධතාද ඉහළ යනු ඇති බව පෙන්වා දෙනවා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල වියදම් කපා හැරීමට සිදුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read Moreමෛත්‍රීපාලගෙන් නිවේදනයක්
පක්ෂ නායකයන්ට කරුණු නොදන්වා යළි සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට අමාත්‍ය ධුර පිරිනැමීම හා අදාල අමාත්‍ය ධුර භාර ගැනීම මධ්‍යම කාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
Read Moreපාසලක වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 21 දෙනාගෙන් 19 දෙනකු පාසලේ දරුවන් බවත් ඉතිරි දෙදෙනාගෙන් එක් අයකු පාසලේ ගුරුවරියක බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපහත්බිම්වල වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය කිහිපය තුළ බුලත්සිංහල – මෝල්කාව පාර, වරකාගොඩ – කලවැල්ලාව පාර, නාලියද්ද – දඹල පාර සහ එම ප්‍රදේශයේ පටු මාර්ගවල ඇතැම් ස්ථාන ඉදිරි පැය කිහිපය තුළ ජලයෙන් යටවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි කියන දේශපාලනඥයන්ගේ නොදැනුමට රැවටී මෝඩයන් නොවන්නට මෙම දැනුම ලබාගන්න. මූලාශ්‍ර පාර්ලිමේන්තුවේ නිල තොරතුරු හා වෙනත් ලිඛිත මූලාශ්‍රයන්ය. 1960 මාර්තු මෙන්ම ජුලි මැතිවරණවලටද සිරිමාවෝ බණ්ඩාරනායක තරග නොකළ අතර, ජුලි මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇය අගමැති ධුරයට පත්වුණේ මන්ත්‍රීවරියක ලෙස නොවේ. ඇය මන්ත්‍රීවරියක වුණේ අගමැතිවරිය ලෙස දිවුරුම් දීමෙන් පසුවයි. ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් නිර්මාණය වූ පුරප්පාඩුවට ඇය පත්වූවාය. ඉන් පසු, 1965, 1970, 1977, 1989 මැතිවරණ…
Read More