වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින’PMB Rice”ලබන සතියේ කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කිලෝ ග්‍රෑම් 05 සහ 10 පැකට් වශයෙන් මෙම සහල් තොග බෙදා හරින අතර ඒවා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලොරි රථවලින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දී අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. පළමු තොගය වශයෙන් සහල් පැකට් ලක්ෂ දෙකක් කොළඹ නගරයේ අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ. PMB Rice වෙළඳනාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මෙම සහල් පාලන…
Read MoreDay: June 22, 2022
එළවළු මිල තවත් ඉහළට
මේ වන විට අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1000ත් 1200ත් වයි මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1500ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 700ත් 750ත් අවර ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස්ක්‍රිලෝව රුපියල් 380ත් 400ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, මඤ්ඤාක්කා ක්‍රිලෝව රුපියල් 120ත් 130ත් අතර මිලකට අලෙවි වනු ඇත. එළවළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට එළවළු කැමට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්…
Read Moreවසර 60කට පසු දකුණු චීනය ගංවතුරට යට වෙයි
දකුණු චීනයේ ගුවාන්ඩොං ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ප්‍රාන්ත බලධාරිහු ප්‍රකාශ කරති. වසර 60කට පසු ඇතිවූ දරුණුතම වර්ෂාපතනය මෙය බව ද එම ප්‍රාන්තයේ බලධාරීන් සඳහන් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. නිවාස දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සහ හෙක්ටයාර් 27කට අධික භූමියක භෝග විනාශ වී ඇති අතර, ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මහා මාර්ග හා දුම්රිය මාර්ග රැසකටත්, මෝටර් රථ රැසකටත් අලාභහානි සිදුව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
Read Moreගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ රාත්‍රි 10.00 සිට හෙට (23) උදෑසන 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ගම්පහ නගරයේ, ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, යක්කල මාර්ගයේ හංසගිරි පාර දක්වා වූ කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා වූ කොටස, උඩුගම්පල මාර්ගයේ සතොස අසල පාලම දක්වා සහ ජා ඇළ මාර්ගයේ දුම්පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා වූ කොටස සදහා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත. ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවිමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
Read Moreධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා අද (22) කතානායක ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි. ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවට වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කරයි.
Read Moreඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට වාර්තාගත එක්දින තරගාවලි ජයක්
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව පිල සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මීට වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට සමත් විය. ඒ වසර 30කට පසු සිය මව් බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අත් කර ගැනීමට සමත්වීමත් සමගයි. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 258ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය. චරිත් අසලංකට අමතරව ධනංජය සිල්වා අද ලකුණු 60ක්…
Read Moreසමගි නීතීඥ සංවිධානය පිහිටුවමින් නීතිගරුක රටක් ගොඩනගන හැටි සජිත් කියයි!
අවස්ථාවාදී තීන්දු තීරණ බැහැර කොට ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබා දී තින්දු තීරණ ලබා ගන්න කාලයක අපි සියලු දෙනාම සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අද දවසේ අවනීතිය, අයුක්තිය, අසාධාරණත්වය රජ වෙලා තියෙන බවත් දුර්වල නායකත්වයක් තුළ මේ රටේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය. උද්ධමනය අහස උසට ගොස් ඇති අතර, රැකියා පෝලිම දිනෙන් දිනට දික් වෙන බවත් ආර්ථික වර්ධනය වෙනුවට ආර්ථික පසුබෑම සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය. සමගි නීතිඥ සංවිධානයේ සමාරම්භක උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති නීතිඥවරුන්, ජේෂ්ඨ නීතිඥවරුන් ඇතුළු කෘතහස්ත නීතිඥවරුන්…
Read More