ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්), හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අය ඇතුළු දහතුන් දෙනෙකු නම් කර තිබේ. විනිවිදභාවයකින් සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාව අද වැටී සිටින තත්වය සැලකිල්ලට ගෙන, පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මෙම…
Read MoreDay: June 24, 2022
ජූලි 06 වැනි දා තෙක් ගෑස් නෑ
ලබන මස 6 වනදා තෙක් ලිට්‍රෝ ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නො සිටින ලෙස එම සමාගම ජනතාවට දැනුම් දෙයි. එහි සභාපති මුදිත පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ලබන මස 5 වනදාත් 12 වනදාත් අතර නෞකා 2ක් මගින් මෙටි්‍රක් ටොන් 7,000ක ගෑස් තොග ලැබෙන තෙක් ජනතාවට බෙදා හැරීම සඳහා ගබඩාවල ගෑස් නොමැති බවයි.
Read Moreඅද කොන්සියුලර් සේවා සීමා කෙරේ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්, අද 24 වනදා කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුම්දෙයි.
Read Moreකහ ඇඳුම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් තීරණයක
ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට කහ වර්ණයෙන් සැරසී අද තරගයේ රාජකාරී සඳහා පැමිණෙන ලෙසට එම ආයතනය ඉල්ලීමක් කර තිබේ. “අපිට ඉතාමත් ආඩම්භරයක් සහ සන්තෝෂයක් අපි බලාපොරොත්තු වුනාට වඩා සාර්ථකව මේ තරගාවලිය පැවැත්වීමට අපිට හැකි වුණා. ඒ නිසා මම ස්තූති කරන්න ඕන අපේ ක්‍රීඩා ලෝලීන්ට ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ පැමිණීම විශේෂයෙන්ම, අපි ගහපු මැච් 7ම ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියා ප්‍රේක්ෂකයින්ගෙන්. ඒක ලොකු ආඩම්භරයක් අපිට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදියට කහ ඇඳුමින් සැරසිලා එන එකට අපේ සහයෝගය දෙන්න අපි තීරණය කරලා තියෙනවා.…
Read More