මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි අලි රැල්ලට ඔහේ…
Read MoreDay: June 29, 2022
රොකට් යුගයේ සිට බරකරත්ත යුගය දක්වා
යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන් අතර, ඒ හා සමාන දායකත්වයක් ව්‍යාපාරිකයින්, ජනතා කලකරුවන්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද, රාජ්‍ය සේවකයින් ද ලබා දෙන ලදී. විදෙස්ගතව සිටි ශ්‍රී ලංකිකයින් අතින් වියදම් කරගෙන පැමිණ මේ මහා පුන්‍ය කටයුත්තට දායක වීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වූවාය. එහි ප්‍රතිඵලය වුයේ 69 ලක්ෂයක් ජන වරමක් සහිත ජනාධිපතිවරයෙක් හා 150කට ආසන්න මන්ත්‍රීධූර සංඛ්‍යාවක් සමගින් පාර්ලිමේන්තුවේ…
Read Moreහිරුණිකා නැවතත් ජනාධිපති මන්දිරය ඉදිරියට
අපි හම්බකරගත්තත් අපිට කන්න නෑ ඩොලර් ඕන
බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක්
බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වාණිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන් හි වෙනසක් සිදුකර ඇති බව ඉන් පෙන්වා දෙයි. මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසය. මේ සම්බන්ධයෙන් එක් එක් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති නිවේදන පහතින් දැක්වෙයි.
Read Moreකන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ අද (29) අලුයම එයින් පළා ගොස් ඇති බව වාර්තා වේ. අප කළ විමසීමක දී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ ඉන් එක් අයෙක් මියගොස් ඇතැයි වාර්තා වන අතර, එම ස්ථානයට ළඟාවීම අසීරු වී ඇති බවය.
Read Moreදිවයින පුරා ධාවනය වන්නේ පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 10යි
ලබන මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 30කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත අද දිනය තුළ යොමුකිරීමට නියමිත යි. ඉන්ධන අර්බුදය හමුවේ අද(29) දිනයේ දිවයින පුරා ධාවනය වන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 10ක් පමණක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.
Read Moreපෙට්‍රල් නොමැතිවුවද ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිම්
ඉන්ධන හල් තුල පෙට්‍රල් නොමැතිවුවද පෙට්‍රල් ලැබෙතැයි අපේක්ෂාවේන් රථ වාහන විශාල ප්‍රමාණයක් 29වන දිනද පෝලිමේ තබා ගෙන සිටින අයුරු දක්නට හැක. ඉන්ධන හල්වල පෙට්‍රල් නොමැති බව සදහන් කර එම ඉන්ධන හල් වාසා ඇති අතර එම ඉන්ධන හල්වල ආරක්ෂාව සදහා පොලිස් හා යුධ හමුදා නිලධාරින්ද යොදවා ඇත. මනුර සුදත් සෙල්ලහේවා
Read Moreකොලොන්නාවේ තෙල් බෙදා හැරීම නවතී
ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ කොලොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. ටෝකන් පත් නිකුත් කළ පුද්ගලයින්ට ඉන්ධන බෙදා හැරීම ජුලි මස 10 වනදායින් පසුව ආරම්භ කරන බැවින් එතෙක් පෝලිම්වල රැදී නොසිටින්නැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරණු ලබන්නේ අත්‍යාවශ්‍ය සේවා සදහන් පමණක් බවයි එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ. මේ අතර ඉන්ධන ලබාගැනීමට තවදුරටත් පෝලිම්වල රැදී නොසිටින ලෙස ලංකා ඛණිජ තෙල් ටැංකි රථහිමියන්ගේ සංගමය ද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Read More