මේ මහා පොළවේ මේසා ආස්චර්‍යයක් කරපු අරගය නොහිටින්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවෙන බව මුලින්ම කියන්න ඕනී. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමේ ගෞරවය තියෙන්නේ අරගලයේ මිසක් පාර්ලිමේන්තුවේ අද ඡන්දය දීපු 134 නෙවෙයි. හැම අතින්ම රනිල් ජනාධිපතිවරයට ඔසවා තැබුවේ අරගලය විසින්. නැත්තං ඉතිං ජනපති සිහිනය පිටින් මියදෙන්න තමයි වෙන්නේ. මේක එක කතාවක්. ඊළඟ කතාව තමයි මේක.. රනිල්ට ඡන්ද 134ක් ලැබුණේ කොහොමද? ඒකට ප්‍රධානම හේතුව තමයි අරගලය නිසා භීතියට පත්වෙලා ඉන්න පොහොට්ටු ලොක්කෝ හිතාගෙන ඉන්නවා රනිල් තමයි තමන්ගේ එකම ගැළවුම්කරුවා කියලා. විශේෂයෙන් ගෙවල් ගිනිගත්ත සෙට් එක. ගෝල්ෆේස් එක එක්කම අරගලය පොළවට සමතලා කරලා, අරගලකරුවන්ට…
Read MoreDay: July 21, 2022
රනිල් එක්ක තරහ ඇයි ?
බොහෝදෙනෙකු හේතුව විදියට දක්වන්නෙ තමන්වත් හරියට නොදන්න, නීතිය ඉදිරියේ පැහැදිලි නොවුණ බටලන්ද හා මහබැංකු බැඳුම්කර වංචාව කියන දේ. හැබැයි, ඇත්ත ඒකමද? හොයල බලන්න. මටත් පුළුවන් ගොඩේ විදියට හිතන්න. මොකද, මාත් ඉන්නෙ අමු ගොඩේනෙ. රනිල්ගෙ ලිංගික දිශානතිය ගැන එක එක කතා තියෙනවා. අපි ඉතින් විෂම ලිංගික මෙව්ව එකනෙ ලොකුම එක කියල හිතන්නෙ. වෙන ලිංගික ප්‍රවණතා පිළිකුල් කිරීමෙනුත් අපට පුළුවන් පොරවල් වෙන්න. අපට බැරි පුළුවන් ඒව මොනව වුණත්, අපි විෂම ලිංගික පිරිමිය කිව්වාම තියෙන ගැම්ම කොහොමද, නේ! රනිල්ගෙ නෝන ලස්සනයි. උගත්. බුද්ධිමත්. සංස්කෘතිකයි. අපට ඉතින් එහෙමම අය නෑනෙ. ලස්සන තිබුණොත් වෙන මොකක්හරි…
Read Moreප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8වන විධායක ජනාධිපති දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමග අභිනව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පිරිනැමී ය. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි. රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන ජීවිතයේ දී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් අගය කළ නායකයෙකු ලෙස ප්‍රකටය.
Read Moreරට ගොඩ ගැනීමට අසමත් වූ අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නෑ
ආර්ථික අර්බුදයෙන් බිඳවැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ එරට අගමැති මාරියෝ ඩ්‍රැගීගේ සන්ධාන රජය බිඳවැටීමෙන් ඉතාලියේ දේශපාලන අර්බුදයක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතර, රජයේ බිඳවැටීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. මේ කරුණු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් අගමැතිවරයා විසින් දෙනු ලැබූ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා ප්‍රතික්ෂේප කළ ද, සිය තීරණයේ වෙනසක් නැති බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
Read MoreIMF සාකච්ඡා කඩිනමින් අවසන් වේවි
ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කරයි. ඒ අනුව මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව සමඟ පවත්වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ක්‍රිස්ටිලීනා ජෝර්ජිවා මහත්මිය ශ්‍රී ලංකාවේ නව රජය සමඟ මේ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවනු ඇතැයි පෙන්වාදෙයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ද වාර්තා වෙයි. මේ අතර ඇය පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහන…
Read Moreඉන්ධන බෙදන වැඩපිළිවෙල අද සිට
වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වෙයි. බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් එලෙස ඉන්ධන නිකුත් කරන බවයි. ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංක 0,1,2 සදහන් යතුරු පැදි ඇතුළු රථ වාහන සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් 3,4,5 යන අංක සඳහා අද සහ ඉරිදා යන දිනවල ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. 6,7,8,9 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල සිදු කෙරෙනවා. කෙසේවෙතත්…
Read More