මැතිවරණ කොමිසමෙන් අලුත් ආරංචියක්

mathiwarana-komition-sabawa

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් එළඹෙන සතියේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා මහතා සදහන් කළේ ලබන 23වන දින එම සාකච්ඡාව පැවැත්විමට නියමිත බවය. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මගින් යෝජනාකර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබදව එහිදි සාකච්ඡා කිරිමට නියමිතය.

Read More

බිස්කට් අල්ලයි

gold

රුපියල් මිලියන 205ක් පමණ වටිනා රත්‍රං නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ. ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙක් රත්‍රං කිලෝ 9.5ක් සඟවා ගෙන ගෙනැවිත් අතර ඔහුට එම රත්‍රං ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඉවතට ගෙනයෑමට “තීරුබදු රහිත” සාප්පුවක සේවිකාවක් උදව් කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් ය. ගුවන් මගියා තම ගමන් මලු තුළත් සේවිකාව තම අත් බෑගයේත් රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන…

Read More

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණයට

SriLankan

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම සඳහා සලකා බලමින් සිටින බව ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපති වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාව ආයෝජන විවෘත කරන බව ප්‍රකාශ කරන බවද ප්‍රකාශ කරයි. රජය සතු ඇතැම් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති කුමන ස්ථාවරයක් ගත්තද ඒ පිළිබඳව තමන් කරදර නොවෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Read More

රාජ්‍ය සේවය කඩදාසිවලින් නිදහස් කළ හැකිනම් එය විප්ලවයකි

kadadasi

රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් අලුතින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව, වාහන, ගොඩනැගිලි කුලියට ගැනීම් ආදිය සමග කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් නිර්දේශයක් තිබේ. 2015දී මා රජයේ සේවයෙන් ඉවත් වී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු අවස්ථාවේදී මගේ අලුත් සේවාදායකයාට මගේ පැරණි ආයතන ප්‍රධානියාට ඊමේල් පණිවුඩයක් යවා නිර්දේශයක් ලබාගැනීමට අවශ්‍ය විය. එවකට මගේ ආයතන ප්‍රධානීවරිය වූ අධ්‍යාපන පරිපාලන නිලධාරීවරියට ඊමේල් ලිපිනයක් තිබුණේ නැත. නිල ඊමේල් ලිපිනයක් නම් දැනටත් නැති විය හැකිය. නවීන, විධිමත් ආයතනයකට සේවකයකු බඳවාගත් පසු මුලින්ම කරන දෙයක් වන්නේ ආයතනික…

Read More

අපි තවත් ලෙබනනයක් බවට පත්වීම අතලගයි

ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් නොවුණහොත් ශ්‍රී ලංකාව තවත් ලෙබනනයක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි. ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය. ‘මම හිතන විදියට හදිසි නීතිය මේ සති අන්තය වනවිට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. අපි ආකල්පමය වශයෙන් වෙනස්වීම අවශ්‍යයි. එසේ කළහොත් ඉන්පසු මේ රටට අනාගතයක් පවතීවි. එසේ නොවුනහොත් අපි තවත් ලෙබනනයක් බවට පත්වෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස පත්වු විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා…

Read More

ලංකාවට වූ හානීය ගැන නොසොයා ගෝල්ෆේස් භූමියට වූ හානිය ගැන හොයන අපේ රටේ ඇමති

ගෝල්ෆේස් භූමියේ රැඳී සිටිය අරගලකරුවන් නිසා එම ස්ථානයට සිදු වූ හානිය ඔවුන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස ආමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අරගලය පැවැති භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් පිරිසක් නඩු පැවැරීමට කටයුතු කර තිබෙන අතර ඒ අනුව මෙම හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ වන්දි මුදල ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් ආමාත්‍යවරයා කීය. සිදුවූ හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරුවක් හා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා ගත යුතු නීතිමය පියවර මොනවාද යන්නත් තමා වෙත දන්වා සිටින ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත්…

Read More

සර්වපාක්ෂික ආණ්ඩුව විසිවෙයි

government information center

සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවට ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ. පක්ෂ ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙන වෙනම ආණ්ඩුවට එක්වීම නිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසු බව දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. ඒ සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන ලැබී ඇති අතර එහිදී ඇමැති ධුර සංඛ්‍යාව තිහේ සිට හතළිස් දෙක දක්වා වැඩි කිරීමේ හැකියාව ඇත.

Read More

බැඳුම්කර චෝදනාකරුට අරක්කු ලයිසන්

sura

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ. 2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන් සඳහා හිමිව තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය 2018 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලදී. මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික…

Read More