අධ්‍යාපන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

අධ්‍යාපන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම තුළින් ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදුවන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. නාවල ජනාධිපති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. “පහේ…

රට හදන්න අලුත්ම නීති මාලාවක්

රට හදන්න අලුත්ම නීති මාලාවක්

රට යළි ගොඩනැගීම සඳහා අලුත් නීති රැසක් ගෙනඒමට කටයුතු කරමින් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුමට එක්වෙමිනි. “අමාරුම කාලයේ සියලුදෙනාම එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තිබ්බා.””අද ජනතාව පීඩනයෙන් ඉන්නේ. තුන්වේලක් කන්න නැතුව ඉන්නවා. අපි සියලුදෙනාම යළිත් මේ රට ගොඩගන්නවා කියලා මම බය…

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාවක්

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාවක්

අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව…

නැතිබැරි ජනයා ගැන අවධානය ඉතා වැදගත්
|

නැතිබැරි ජනයා ගැන අවධානය ඉතා වැදගත්

ආර්ථික අර්බුදය මැද දැඩි ලෙස අවදානමට ලක්වන ජනතාව වෙනුවෙන් මහජන ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි. දිළිඳු පුද්ගලයන් හා ආබාධ සහිත පුද්ගලයන් වැනි අවදානමට පත්වන ජනයා වෙනුවෙන් දැනට රජය විසින් සහනාධාර ක්‍රම කීපයක්ම ක්‍රියාත්මක කරනමුත් සහනාධාර අත්‍යවශ්‍ය විශාල පිරිසක් මගහැරෙනවා. එම සහනාධාර ක්‍රම පරිපාලනයේ අකාර්යක්ෂමතාව හා දේශපාලනීකරණය හා නිලධාරිවාදය එයට හේතු වෙනවා. සමෘද්ධි සහනාධාර මෙයට හොඳම…

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය. ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී…

මෙරට පවුල් පහකින් හතරක් කුස ගින්නේ

මෙරට පවුල් පහකින් හතරක් කුස ගින්නේ

මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. ශ‍්‍රී ලංකිකකයන් මිලියන 6.3 ක ප‍්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා ශ‍්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු…

‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්
| |

‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි. රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි….