පිරිවෙන් අධ්‍යාපනය නංවන්න සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයෙන් ආධාර

lankarama

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී  සිදු කෙරිණි. සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ මෙහිදී සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට භාරදීම සිදු විය. ඉදිරි දින කිහිපය තුළ තෝරාගත් පිරිවෙන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා හැරීමට නියමිතය. සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව කටයුතු කළ සමයේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය මෙරට පිරිවෙන් සඳහා ආධාර…

Read More

ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමය පවසයි

euro

ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන් කළාය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා තිබේ. ශ්‍රී ලංකා රජය ගෙනයන මෙම ක්‍රියාවලියේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම…

Read More

රාජ්‍ය සේවකයින් උද්ධමන දීමනාවක් ඉල්ලයි

2016 වසරෙන් පසු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සිදු නොවූ හෙයින් ඉහළ ගිය උද්ධමනයට සාපේක්ෂව දීමනාවක් ලබාදෙන්නැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි ලේකම් ධම්මික මුණසිංහ මේ බව කියා සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ක්‍රමය අහෝසියි

jesta-purawasi

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලියක් ලබා දෙමින් හඳුන්වා දී තිබූ ස්ථාවර තැන්පත් ගිණුම් ක්‍රමය අහෝසි කිරීමට තීරණය වී තිබේ. මෙම යෝජනා ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර ඇත. මේ අනුව 2022 ඔක්තෝබර් 01 දින සිට විශේෂ පොලියක් ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීම හෝ අලුත් කිරීම (renewing) නවතා දැමෙනු ඇත.

Read More

බාලදක්ෂ සතියට සමගාමීව රිච්මන්ඩ්  සිසු දරුවෝ රුක් රෝපණය කරති!

2022 බාලදක්ෂ සතියට සමගාමීව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීයේ,මාධ්‍ය අංශය,ආගමික කලා සංස්කෘතික අංශය හා පරිසර අංශය එක්ව,බාලදක්ෂ සමූහය විසින් බෝධි පූජාවක් හා ධර්ම දේශනාවක් රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදි.පූජ්‍ය යක්කලමුල්ලේ සුගුණ ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කරන ලදි. මෙයට අමතරව,බාලදක්ෂ 2022 පරිසර සංරක්ෂණ දිනය නිමිත්තෙන් ගා/රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් විද්‍යාලයීය ඔසු උයන පිරිසිදු කිරීම සහ ඔසු පැළ සිටුවීම සඳහා ශ්‍රමදානයක් විද්‍යාලයීය ඔසු උයනේදී පවත්වන පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට,විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පති පියසිරි කුමාරගේ,බාලදක්ෂ ආචාර්ය මෙත්තානන්ද අරඹෙවෙල යන මහත්වරුන් සහ බාලදක්ෂයන් රැසක් මේ සඳහා සහභාගි වූහ. සටහන හා ඡායාරූප නිමල් අල්ගෙවත්ත

Read More

ගෑස් මිල අද අඩුවෙයි

gas

ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් මිල ගණනය කරන මිල සූත්‍රයට අනුවයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇති බවයි. මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් මිල අඩු වන ආකාරයේ අද දිනය තුළ දැනුම්දෙන බවද ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවා.

Read More

ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටේවි

රටතුළ උද්ගත දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ අවධානමක් ඇතැයි ‘ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්’ සංවිධානය ප්‍රකාශ කරයි. පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ මිනිසුන්ට විනාශකාරී බලපෑමක් ඇති කර තිබෙන බවත්, සෞඛ්‍ය සහ ආහාර සඳහා ප්‍රවේශයට ලාංකිකයන්ට ඇති අයිතිවාසිකම් බිඳවැටෙමින් ඇති බවත් මෙම අභියෝග හමුවේ රට මුහුන දෙන අභියෝග තුළ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල සීමාවන් මෙම අර්බුදය තව දුරටත් තීව්ර කරන බව ප්‍රකාශ කරයි. සම්පූර්ණ වාර්තාව : https://www.amnesty.org/en/documents/asa37/6052/2022/en/

Read More

ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක්

blastic-missile

උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. මේ පිළිබඳව වාර්තා කළේ, දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ ජපාන වෙරළාරක්ෂක බලකාය විසිනි. එම වාර්තාවලට අනුව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඉහළින් මෙම අත්හදා බැලීමේ මිසයිලය දියත් කර ඇතැයි සඳහන් ය. 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් පියාසර කළ පළමු මිසයිලය වන මෙය විනාශ කිරීමට කිසිදු ආරක්ෂක උපක්‍රමයක් භාවිත නොකළ බවයි.

Read More

ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි

oil

අද (05) සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ඇණවුම් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ, කොමිස් මුදල් ගැටලුව විෂයභාර අමාත්‍යවරයා විසින් ඊයේ දිනයේදී විසඳු බවය. ඒ අනුව සෑම පිරවුම්හලකම සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම අද සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Read More

ජපානයට මිසයිල 04 ක්

missile

ජපානයට එල්ල කරන බලපෑම් සඳහා එකටඑක කිරීමක් ලෙස අමෙරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාව වෙත ප්‍රතිචාර දක්වමින් සිටිනවා. අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපන් මුහුදු සීමාව ඉලක්ක කර මිසයිල 04 ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එලෙස එල්ල කර ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදිත මිසයිලයි. දකුණු කොරියාව විසින් එල්ල කළ මිසයිලයක් අනතුරකට ලක්ව ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සිද්ධිකය පදනම් කර ගනිමින් කොරියානු අර්ධද්වීපය තුළ යළිත් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. ඊට හේතුවී ඇත්තේ ජපානය වෙනුවෙන් අමෙරිකාව…

Read More