විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබේ. කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. නිදහස් උ‍ළෙලේ සංවිධාන කටයුතු, අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සහ මීට පෙර විරෝධතාවලදී ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ විරෝධතාව වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩකම නොවේ

ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩකම නොවේ

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම ආන්තික ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මුග්ධ ක්‍රියාවකි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ආර්ථිකය තවදුරටත් විනාශ කරදමනු ඇත. මුදල් අච්චුගැසීම නිසා උද්ධමනය පාලනය කරගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක වනු ඇත. ජනතාවගේ දුප්පත්කම දුරලීම හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා තිබෙන අරමුදල් හා සම්පත් පෝස්ටර් ගැසීම වැනි වැඩකට නැති වැඩවලට වියදම් වනු ඇත. වැඩකිරීමට තිබෙන…

උසස් පෙළ විභාගය 23 ඇරඹේ

උසස් පෙළ විභාගය 23 ඇරඹේ

2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කෙරේ. එදිනෙන් පසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…

අස්වාභාවික ලිංගිකව හැසිරීම වරදක් ද?

අස්වාභාවික ලිංගිකව හැසිරීම වරදක් ද?

ශ්‍රී ලංකාවේ නීතිය අනූව අස්වාභාවික ලිංගික හැසිරීම් අපරාධමය වරදකි.මෙම වරද පිළිබඳ සමාජය නිසි අයුරුන් නොදැනුවත් වීම මත වැරදි මත සමාජයේ මුල් බැසගෙන ඇත.මේ සම්බන්ධව මදක් විමසා බලමු. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්ති මගින් පහත සදහන් වැරදි හඳුන්වා දී ඇත. 365 =අස්වාභාවික වැරදි 365 A =තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්‍රියා 365 B = බරපතල ලිංගික අපයෝජනය…

වන්නිල ඇත්තෝ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙයි
|

වන්නිල ඇත්තෝ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙයි

වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ යටතේ වැදි ප්‍රජාවේ පිරිසක් පළමු වරට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ධජය යටතේ ඔවුන් තරඟ වදිනු ඇත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයා වන්නිල ඇත්තෝ බවත් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා වැදි ප්‍රජාව මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. “ආදිවාසී වංශයේ…

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ගැන වාර්තා වෙයි

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ගැන වාර්තා වෙයි

ප්‍රදේශ රැසකින් සොයා ගන්නා ලද අලෙවියට තබා තිබූ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් තොගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මත්පැන් බෝතල්වලට මෙම ස්ටිකරය හඳුන්වාදීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ ගිය අතර එමගින් ව්‍යාජ මත්පැන් හඳුනා ගැනීමට ද හැකි වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන්…

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
|

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

  ශ්‍රී ලංකා – ඉන්දීය අවසන් එක්දින තරගය ලකුණු 317ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙය කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී වාර්තා කළ විශාලතම ජයග්‍රහණය ලෙස සැලකෙයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබාගත්තේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී…