ඩෙවෝන් ශක්‍රිය වෙයි

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලේ ජල ධාරාවන් ඉහල යාමත් සමග එම දිය ඇල්ල ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. මෙම දිය ඇල්ලේ ජල දහාරවන් මෙසේ ශක්‍රිය තත්වයන්ට පත් විමත් සමග එම දිය ඇල්ලේ චමත්කාරත්වයද ඉහල තත්වයන්ට පත්ව ඇත. මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Read More

තවදුරටත් ලයිසන් තියෙන මැරයන් රටට අවශ්‍ය නෑ, අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු

පසුගිය වසරේ මැයි 09 වනදා දේශපාලන චණ්ඩින් සියලු දෙනා බේරේ වැවේ තම ලයිසන් එක දිය කර ගත් නමුත් අවුරුද්දකට පසුව නැවත මේ දේශපාලන චණ්ඩින් යළි තමන්ගේ මැරකමින්, ත්‍රාඩකමින් හොරකම් කරන ලද මුදල් වලින් මහ පාරේ තම අශිෂ්ඨ දේශපාලනය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බවට 43 සේනාංකය චෝදනා කර සිටි. ඊයේ දින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම අරගලයේ ප්‍රධාන සාමජිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රියත් නිකේෂල මහතාට, කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් මහ පාර මැද පහරදීමට විරෝධය පළකරමින් 43 සේනාංකයේ තරුණ අංශය විසින්  පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පලවිය. මෙම…

Read More

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට එකඟතාවක්

cricket

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන්, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව, මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී (15) විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇත. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසි ලබන අගෝස්තු මාසයේ සිට බලාත්මක වනු ඇති. මේ අනුව පැරණි රෙගුලාසිවලට අනුව…

Read More

වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි

43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (15) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේ ය. ප්‍රශ්නය: ඔබ අද දිනයේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා ගියේ කුමන කරුණක් නිසා ද? පිළිතුර: අපි ලබන සඳුදා, එනම් මැයි 22 සඳුදා ‘ජනරජ දිනයේ දී’, නව දේශපාලන පෙරමුණක් දියත් කරනවා. එක්සත් ජනරජ පෙරමුණ නමින්. ඒ පිළිබඳ උන්වහන්සේලාට දැනුවත් කරන්නත්, ආරාධනා කරන්නත් තමයි පැමිණියේ. ඉතින් අපි උන්වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේ නැහැ මහා නායක ස්වාමීන් වහන්සේලා හැටියට. නමුත් අපි ගෞරවනීය මහා සංඝරත්නයට ආරාධනා කරන්න පෙර, ඒ පිළිබඳ සිරිතක් හැටියට…

Read More