සෞඛ්‍යට අසාධ්‍යයි ජන ජිවිතය අනතුරේ

සෞඛ්‍යට අසාධ්‍යයි ජන ජිවිතය අනතුරේ යන තේමාව යටතේ සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් 22වන දින කැම පැයේදි දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල ඉදිරිපිටදි පවත්වන ලදි. ජිවිත අනතුරේ හෙලන ඖෂධ ගෙන්විම නවතනු, ඖෂධ,උපකරන හා පරික්ෂන ද්‍රව්‍ය හිගයට වහා විසදුම් ලබා දෙනු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිගය විසදනු, සෞඛ්‍ය සේවාවට ප්‍රමානවත් මුදලක් ලබා දෙනු, සෞඛ්‍ය  සේවාව කෙලෙසන ආන්ඩුවේ සැලසුම් හකුලාගනු, සෞඛ්‍ය සේවකයන්ට ජිවත් විමට සරිලන දිමනාවක් ලබා දෙනු, ඇතුළු ඉල්ලිම් කිපයක් මුල් කර  ගෙන මෙම විරෝධතාවය 22වන දින එම රෝහල ඉදිරිපිටදි  පවත්වන ලදි. දික්ඔය…

Read More

ලෝක සාම දිනයට සමගාමිව සාම පාගමනක්

ලෝක සාම දිනයට සමගාමිව ජාතික සාම මණ්ඩලය හා සංස්කෘතික සහ පාරිසරික සංසදය මගින් සංවිධානය කරන ලද සාම පාගමනක් විථි නාට්‍යක් හා සංස්කෘතික වැඩ සටහනක් 23වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. මෙහිදි සංස්කෘතික වැඩ සටහන හැටන් නගර ශාලාවේදි පැවති අතර සාම පාගමන හැටන් නගර ශාලාවේ සිට හැටන් මල්ලිඅප්පුව මංසන්ධිය වෙත පැමින එහිදි විථි නාට්‍යයක් රග දක්වන ලදි. මෙම අවස්ථාවට සියලුම ආගම් නියෝජනය කරමින් පුජකතුමන්ලා ඇතුළු හැටන් හා අවට ප්‍රදේශවල පිරිසක්ද එක් විය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධාන‌ය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී  (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්‍රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ආරම්භ කළ දරු දිරිය ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසු සිසුවියක් පස් දෙනෙකුට ශිෂ්‍යක්ව ප්‍රදානය කිරීමද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

Read More

සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය දත්ත ලබා ගැනීමට ජාත්‍යන්තර සහය පතයි

ransomware attack meaning ransomware removal famous ransomware attacks ransomware attack solution

පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වයිරස් මෘදුකාංග පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ‌ ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම ආයනත සමග මේ වනවිටත් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි. රැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතනවල මාස 3ක පමණ විද්‍යුත් පණිවුඩ මැකී ගොස් තිබේ.

Read More