ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධාන‌ය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී  (22) පෙරවරුවේ විවෘත කෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්‍රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ආරම්භ කළ දරු දිරිය ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසු සිසුවියක් පස් දෙනෙකුට ශිෂ්‍යක්ව ප්‍රදානය කිරීමද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

Similar Posts