හබරාදුව කතළුවේ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ගෙන කටයුතු කරන අනවසර ඉදිකරිම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා පියවරක් ගන්න.නිතියට අනුව කටයුතු කරන්නේ නැතිනම් ඒ පුද්ලයන් සම්බන්ධයෙන් ද යම් පියවරක් ගන්න.

මේ සම්බන්ධයෙන්ද ජනතපති හා නිතිපති තුමාද දැනුවත් කරන්නට පියවර ගන්න යැයි හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ දී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතාගේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

හබරාදුව සම්බන්ධිකරණ රැස්විම අද 21 වන දින හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ   දී පැවැත්විණි. ඒ හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ සභාපති  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙනි.

හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ සභාපති  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා

ක්‍රීඩා අමාත්‍යංශය යටතේ එක් මැතිවරණ කොට්ඨාසයකට එක් ක්‍රීඩා පිටියක් සකස් කරන්න පියවරගෙන තියනවා.නමුත් හබරාදුව ලේකම් කාර්යාලය සදහන් කරනවා වෙනත් අදහසක්. කතළුව හා හීනටිගල විද්‍යාල දෙක තුලම ක්‍රීඩා පිටි සකස් කරන්න පියවර ගන්නත කියලා. ක්‍රිඩා පිටි දෙකකම් තිබුනාට කමක් නෑ.දෙකම ක්‍රියාත්මක කරන්න.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  ප්‍රමෝධ සිරිවර්ධන මහතා

කොරෝනා හබරාදුවේ නව දෙනෙක් හදුනාගෙන තියෙනවා.කරාපිටිය රෝහලේ 800 හෝ 1000ක් කරන්න හැකියි. මේය වැඩි කරන්න පියවර ගත යුතුයි.

කොරෝනා සම්බන්ධයෙන් ඉදුරුව හා ගාල්ල ප්‍රදේශවලට වැඩි බලපැමක් ඇති වි තිබෙන නිසා සෞඛ්‍ය අංශ මේ පැතිවලට වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.පී.සි.ආර් ප්‍රමාණය ගාල්ල දිස්ත්‍රික්කයේද වැඩි කළ යුතුව තිබෙනවා.

ජංගම දුරකතන මගින් පාසල් දරුවන්ගේ යම් මානිසක බලපෑම වැඩිවෙමින් තියනවා. මේ නිසා නිලධාරින් යොදවා ජනතාව දැනුවත් කරන්නට පියවර ද ගන්නවා.

ප්‍රදේශයේ සංචාරක ව්‍යාපරය තුළ වැඩි සංචාරක ප්‍රමාණයක් මේවන විට හොටල් අනුයුම්කර තිබෙනවා. මේ නිසා සංචාරක මග පෙන්වන පිරිසගේ ප්‍රමාණයද වැඩි විම තළ කොරොනා වසන්ගතය පැතිරිමේ ප්‍රවනතාවය වැඩි විය හැකියි. ඒ නිසා ඒ අය දැනුමවත් කිරිමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුව තිබෙනවා.

ගාල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල නියෝජ්‍ය අධ්‍යාපන සලසුම් ඩබ්ලිව්.වී. සී. ජීවනී දිල්රුක්ෂි මහත්මිය.  

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වලට පැමිණිමේ අඩුවක් තිබෙනවා.සෞඛ්‍ය පහසුකම් යටතේ සිදු වනවා.ඔන් ලයින් ක්‍රමයට තමයි වැඩිපුර අධ්‍යපන ක්‍රියාත්මක කරනවා.

ස්මාට් දුරකතන නැති නිසා සමහර පාසල්වල දරුවන්ට අපහසුතා ඇතිව තිබෙනවා.සමහර පාසල්වලට දරුවන්ට ස්මාට් දුරකතන පහසුකම් ඇත්තේම නෑ.මේ දරුවන්ට මේ ක්‍රමය සාර්ථක නෑ.ජායා පිටපත් ක්‍රමය ද මේ යටතේ සිදු කරනවා.

හබරාදුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් කිහිපයකම විදුහල්පති වරුන්ගේ අඩුවක් තියනවා.ගාල්ල දිස්ත්‍රික්ය තුළ පිහිටි පාසල්වලට පරිගණක පහසුකම් වල අඩුවක් තියනවා.තිබෙන පරිගණක ද යල්පැන ගොස් තියනවා.

හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ සභාපති  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා

සමහර ළමයින්ට දුරකතන පහසුකම් නෑ. ස්මාටි පෝන්ද නෑ.සමහර ළමයින්ට ඩේටා නැති විමද ප්‍රශ්ණයක්.මේ නිසා ගාල්ල දිස්ත්‍රික්යේම වාගේම හබරාදුව ආසනයේ මෙන්ම රටේම මේ දුරකතන ඩේටා වැඩිකර දෙන්නට වැඩ සටහනක් ඇතිකල යුතුයි.

ඒ සඳහා පහසුකම් ලබා දෙන්නට පියවරක් ගන්නවා නම් වැදගත් වෙනවා.පරිගණක පහසකම් නොමැති පාසල්වලට නවතම පරිගණක ලබා දෙන්නට රජයේ අනුග්‍රහය ඇතිව ලබා දෙන්නට පියවර ගන්නවා. මේ සඳහා අවශ්‍ය පරිගණක ප්‍රමාණය කොතරම් ද කියා ලබා දෙන්න.රජයේ ද සහයෝගය ඇතිව පාසල්වලට අවශ්‍ය පරිගනක ලබා දෙන්නට යම් පියවරක් ගන්නට ඇති හැකියාව සොයා බලන්නට හැකියි.

හබරාදුව ප්‍රාදේශිය සභා මන්ත්‍රි බන්දුපාල අබේකෝන් මහතා (ශ්‍රි ලංකා පොදුජන පොරමුණ)

ගාල්ල කතළුව ප්‍රදේශයේ බස් නැවතුම්පොළ හා ඉඩම් හිටපු ආණ්ඩුකාරවරයෙක් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් නිතිය නියාකාරව කටයුතු සිදුවන්නේ නෑ.

වෙරළ සංරක්ෂණ, මාර්ග සංවර්ධන අධිකාරිය,මාර්ග සංවර්ධන ආදි කිසිදු රාජ්‍ය ආයතනයකින් මේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.අහිංසක ජනතාවට නිතිය ක්‍රියාත්මක කරනවා.

මේ ස්ථානය සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක වන්නේ නෑ. සියලුම ආයතනවල නිලධාරින්ගේද සහයෝගය ඇතිව තින්දුවක් ගන්න වෙනවා.

ගමේ මිනිසුන්ට ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් ඇතිව තිබෙනවා. නිතිය නියාමාකාරව සිදුවන්නේ නෑ.නිතිය දෙආකාරයටම සිදුවෙනවා.මේ හිටපු ආණ්ඩුකාරවරයා වෙරලේ ඉඩම් බලහත්තකාර කමින් අල්ලාගෙන තියනවා. මම නම කියන්න බය නෑ.

මේ මෛත්‍රි ගුණරත්න මහතා තමයි මේ ආකාරයට වෙරළ ඉඩම්,මාර්ග,ඉඩම් සියල්ලම අල්ලාගෙන තිබෙන්නේ බලහත්කාර කමින් අල්ලාගෙන තිබෙනවා.නඩු දමලා තියනවා අදාළ පුද්ගලයා නඩුවලට එන්නේ නැ.

මහජන නියෝජිතයෝ විරෝධය පලකරති! මේ සම්බන්ධයෙන් වහාම පියවරග් ගෙන කටයුතු කරන්න යැයි හබරාදුව ප්‍රාදේශිය සභාවේ සියලුම මන්ත්‍රිවරු ඉල්ලා සිටියේ ය.නිතිය කියාත්මක කරන්නට සිටින පිරිස හා සමහර රාජ්‍ය ආයතන නිසි පරිදි මේවා සිදුකරන්නේ නැති නිසා මේ ආයතන සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කළහ.

හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ සභාපති  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා

එක රටයි නිති දෙකක් බෑ. ගිය ආණ්ඩු කාලේ කළ වරදි වැඩ බෑ මේ ආණ්ඩුව යටතේ කරන්න බෑ. කරුණාකර මේ සම්බන්ධයෙන්ජනපතිතුමාද මා දැනුවත් කරනවා.

නිතිපති දැනුවත් කරන්න.හබරාදුව,කතළුව ජනතාවගේ ඉඩම් ආරක්ෂා කරන්න යම් පියවරක් ගත යුතුව තිබෙනවා.කිසිකෙනෙකුට ජනතාවගේ දේපල බලහත්කාරයෙන් අල්ලාගෙන කටයුතු කරන්න දෙන්න බෑ.

දකුණු පළාත් හිටපු ඇමති ඒ.ජී.සි පියසිරි මහතා (එ.ජා.නි.ස)

උනවටුන පරිසර කලාපයේ රුමස්වල පරිසර පද්ධතිය විනාශ වෙනවා. මේය ආරක්ෂා කරන්නට යම් පියවරක් ගන්න. පරිසරය පද්ධතිය තව ටික දිනකින් නැතිවි යනවා.රජයේ සියලුම ඉඩම් වලට ඔප්පු හදලා විකුනා තිබෙනවා.රජයේ ඉඩම් ද සියලුම වාගේ නැති වෙලා තියනවා.

හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ සභාපති  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා

මෙම සංවේදි පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න පියවරක් ගනිමු.මෙහි සියලුම ඉඩම් සංවේදි කලාපයට අයත් කරමු.ඉඩම් සියල්ලම ගැසට් කරමු.

හබරාදුව ප්‍රදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) මෙහි ඉඩම් සියලුම වාගේ යම් පිරිසක් අල්ලාගෙන තිබෙනවා.

සටහන හා ඡායාරූප:  බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්.ඒ.නිමල්,හබරාදුව ඒ.ඇල්.ඒ ආරියරත්න

Similar Posts