ඉවත දමන පොල්කටු, කාර්ඩ්බෝඩ්, ප්ලාස්ටික් යොදාගෙන විචිත්‍රවත් භාණ්ඩ නිර්මාණය කරන දිරිය මිනිසෙකු පිළිබඳව තොරතුරු බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රබුක්පොත ප්‍රදේශයෙන් වාර්තාවේ. මොහු 55 හැවිරිදි කේ.එම්. ප්‍රේමදාස වන අතර ඔහුගේ ලිපිනය R-22, රබුක්පොත, 2 කණුව, බදුල්ල වේ.
මොහු විසින් පොල්කටු උපයෝගි කර ගනිමින් මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නිපදවා ඇති අතර එයට අමතරව ගස්වල අතු රිකිලි, ප්ලාස්ටික් බෝතල්, ගස්වල ගෙඩි, කාර්ඩ් බෝර්ඩ් ආදියද තම නිර්මාණයන් සඳහා එකතු කරගෙන තිබීමද විශේෂත්වයකි.
මේ අපූරු මිනිසා මෙසේ පවසනලදි.
“මම පාසල් ගියේ උඩවෙල මධ්‍ය මහ විද්‍යාලයට නවය පංතිය දක්වා ඉගෙනුම ලැබුවා. ඒ කාලයේ අපේ පාසලේ හිටියා දඹගොල්ල විමලඥාන කියලා හාමුදුරුවෝ නමක්, උන්වහන්සේ තමයි මට මේ කලාව කියලා දුන්නේ, එහිදී උන්වහන්සේගෙන් පැරණි පුස්කොල පොතක තිබිලා පොල්කටු මෙලෙක් කරන්න පුළුවන් ඖෂධයක් හදන හැටි මම ඉගෙන ගත්තා. ඒ ඖෂධය පොල් කට්ටට ගෑවාම ඒක හරියට අර තැම්බුණු මඤ්ඤොක්කා අලයක් වගේ වෙනවා. එතකොට අපිට ඕනි විදහට හැඩය හදා ගන්න කැටයම් කපන්න පුළුවන්. ඒත් දැන් ඒ ඖෂධය හදාගන්න විදිහක් නෑ. ඒකට අවශ්‍ය බෙහෙත් කැලෑවෙන් තමයි හොයා ගන්න තියෙන්නේ. දැන් විවිධ වගාවන් සඳහා කැලෑ එළි කරලා නිසා නොදන්නා කමින් ඒ වගේ වටිනා ඖෂධ විනාශ වෙලා තියෙන්නේ.
මම පොල්කටුවලට අමතරව පොල් හනසු, ගස්වල අතු රිකිලි, ගෙඩි, කාර්ඩ්බෝඩ්, ප්ලාස්ටික් ආදිය මගේ මේ නිෂ්පාදන සඳහා යොදාගන්නවා. ඒවායේ කැටයම් සියල්ලම අදටත් මම කපන්නට යොදාගන්නේ නියන් පමණයි.“ පැවසු ඔහු එලෙස නිර්මාණය කරන ලද විවිධ උපකරන රැසක් අපහට පෙන්වීමට අමතක නොකළේය.
“මට තියෙන විශාලම ගැටලුවක් තමයි මේ නිර්මාණයන් දෙස් විදෙස් සංචාරකයින් හට අලෙවි කිරීමට අවශ්‍ය වෙළෙඳපොළක් නොමැති වීම දැනට මම දන්නා හඳුනන අය ඒ අයගේ පාසල්, පන්සල්, ලදරු පාසල්වල වගේ තැන්වලට අවශ්‍ය විවිධ උපකරණ මට කියලා හදාගන්නවා අහල පහළ දන්න අයත් නිවෙසට ඇවිත් මම හදලා තියෙන දේවල් මිලදී ගන්නවා.
ඒ නිසා මම රජයෙන් ඉල්ලීමක් කරන්නේ මට මේ හස්ත කර්මාන්තය තව කාලයක් කරගෙන යන්න පුළුවන් මගෙන් පස්සේ මගේ ගැහැනු දරුවෙකු මේක කරගෙන යයි. ඒ සඳහා අවශ්‍ය සාත්තරය අකුරක් නැර මම එයාට කියලා දෙනවා. ඒ නිසා බදුල්ල නගරයේ හෝ ඇල්ල සංචාරක කලාපය තුළ හරි මගේ මේ නිෂ්පාදන අලෙවි කිරීමට සුදුසු ස්ථානයක් ලබාදෙන ලෙස තමයි මම ඊට වගකිව යුතු අංශ සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.“ යැයි පැවසීය.
බදුල්ල – කේ.එම්. ප්‍රේමදාස
බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන