සෞඛ්‍යයට වඩාත් සුවදායි කිතුල් පැණි, කිතුල් හකුරු සඳහා ශ්‍රී ලංකාව ඉතාම ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. කිතුල් ගසක රා මැදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවද වර්තමානය දක්වාම එම කර්මාන්තයේ යෙදෙන ගොවියෝ සිටිති. කිතුල් කර්මාන්තය කිතුල් ගසත් සමඟ පවතින්නක් නිසා සහ එම කර්මාන්තය වැඩිදියුණු කිරීමට වගකිවයුත්තන් උල්පන්දම් නොදීම නිසාත් කර්මාන්තය කඩාවැටී තිබේ. මේ නිසා කිතුල් සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී.
කිතුල් ගසෙන් ලැබෙන සාරයෙන් කිතුල් හකුරු සහ කිතුල් පැණිවලට අමතරව කිතුල්වලින් විවිධ ආහාර නිෂ්පාදන රාශියක් සකසා වෙළෙඳපොළට සපයන ලහිරු දිල්ෂාන්ගේ විස්කම් පිළිබඳ තොරතුරුයි.
කිතුල් ගසෙන් පිරිසිදුව ලබාගත් කිතුල් රාවලින් විවිධ නිෂ්පාදන කළ හැකියි. කිතුල් බටර්, කිතුල් ස්ප්‍රෙඩ්, පිටි, හකුරු, පැණි, කේක්, කිතුල් පැණි කහට, කිතුල් අයිස් කෝපි, කිතුල් පැණි බීම, කිතුල් පැහි යෙදූ ආප්ප වගේ ආහාර වර්ග ගණනාවක් නිෂ්පාදනය කිරීමට අපේ ‘ඔන්ලි කිතුල්’ ආයතනයට හැකිවෙලා තිබෙනවා. ඒ සඳහා සපුරාලිය නොහැකි ඉහළ ඉල්ලුමක් තිබෙනවා.
කිතුල් මලේ මුල, මැද සහ අග තළා ගන්නා රාවලින් විවිධ රස මතුවෙනවා. ඒවගේම අද කෙනෙක් එකම වර්ගයක, එකම නිෂ්පාදනයක කිතුල් හකුරු කෑවොත් ඒ රසය ඊළඟ වතාවේ ඒ තැනින්ම විඳින්නට ලැබෙන්නේ නැහැ. මොකද කිතුල් ගහෙන් ගහට, මලෙන් මලට සහ මලේ තැළුම අනුව එහි රස වෙනස්විය හැකියි. ඒවගේම කාලය අනුව උදාහරණයකට වැසි කාලයෙද පදම්කරන විදිය අනුවත් රස වෙනස් වෙනවා. ගසකින් ලැබෙන ස්වභාවික දෙයක් නිසා රස වෙනස් වෙනවා. ඒත් එකම රසය ලැබෙන පරිදි හකුරු සහ පැණි නිෂ්පාදනය කිරීමට අපි වැඩිදියුණු කරගෙන තිබෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනවල රසය එකම රසයකින් තිබෙනවා. අපේ නිෂ්පාදනය තුළ රස වර්ග (ෆ්ලේවර්) හතරක පැණිත්, රස වර්ග 8ක හකුරුත් තිබෙනවා. බටර් එක රස වෙනස් නොවී තැබීම සඳහා අධි ශීතකරණයේ තබා ආහාරයට ගැනීමට සිදු වෙනවා. ඒත් පෙපර්, සිනමන් සහ කිතුල ලෙස රස තුනකින් යුක්ත ස්පේඩ් එකක් තිබෙනවා. ඒවා බටර් වගේම යොදාගත හැකියි නමුත් බටර් එකේ වගේ කිරි අඩංගු වන්නේ නැහැ.
අපි ගොවීන්ට උදව් උපකාර කරමින් අපේ ව්‍යාපාරයට ඔවුන්ගේ සහාය ලබාගන්නවා. අපිට සැපයුම් කරන කිතුල් ගොවිමහතෙක් මාසයකට ලක්ෂ 3-4ක් උපයාගන්නවා.
ව්‍යාපාරය ආරම්භ කළේ 2018දීයි. ඊට කලින් මම විවිධ නිෂ්පාදනවල යෙදුනා. මම කුරුවිට, මගේ ගම් පළාතේ කිතුල් කර්මාන්තයට හරිම ප්‍රචලිතයි. කිතුල් ගොවීන් වගේම කිතුල්වලින් විවිධ ආහාර නිපදවන අය ගමේ හිටියා. මගේ අම්මාගේ මහ ගෙදරත් කිතුල්වලින් නිෂ්පාදන කළා. ඉතින් කිතුල්වලින් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒක එක් හේතුවක් වුණා. මම කිතුල් නිෂ්පාදන පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඒ නිසා රසවත්, ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදනයට හැකියාව ලැබුණා. ව්‍යාපාරය කරගෙන යන අතරේදී 2020 පාස්කු ප්‍රහාරයත්, 2021 කොවිඩ් වසංගතයත් සහ ඊට පසුව ඇති වුණු ආර්ථික අර්බුධයටත් මට මුහුණ දෙන්නට සිදු වුණා. ඒත් මම කුරුවිට මගේ නිෂ්පාදන ආයතනයට අමතරව 2024දී කොට්ටාව කිතුල් අලෙවිසල සහ ආපණශාලාව විවෘත කළා.
දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය අපිට අවශ්‍ය දැනුම ලබාදුන්නා. වාණිජ මණ්ඩලය අවස්ථා දෙකකදී අපිව ඇගැයීමට ලක්කරමින් 2022දී ලෝකඩ සම්මානයක් හා 2024දී සම්මාන ලබාදුන්නා. ලංකා කාර්මික මණ්ඩලය, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ රජයේ ආයතන අපිට දැනුම සහායෝගය ලබා දීලා තිබෙනවා.
මේ කර්මාන්තය මතුපරපුරටත් ලබාදීමට මම අපේක්ෂා කරනවා. ඒත් ඒ සඳහා තිබෙන විශාලම අභියෝගය වන්නේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල පවතින හිඟයයි. අපෙන් ඉල්ලන තරමට අපිට සැපැයුම් කිරීමට නොහැකියි. අපි කිලෝග්‍රෑම් 10කට අඩු ඇණවුම් සඳහා පමණයි සැපයීම කරන්නේ. ඒකට ප්‍රධානම හේතුව ගුණාත්මක තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ලබාදීම සඳහා අවශ්‍ය කිතුල් සාරය අපිට සොයාගත නොහැකි වෙලා තිබීමයි. ඒවගේම ගොවීන්ගේ හිඟයයි. ඉස්සර වගේ කිතුල් ගොවීන් දැන් නැහැ. ඒ අයට හරි මිලක් නොලැබීම සහ නිෂ්පාදන අලෙවි කර ගන්න තිබුණු නොහැකියාව නිසා කර්මාන්තය අතහැරදාලා. ඒවගේම කිතුල් ගස් වඳවේ ගන යනවා. 2009දී අවසන් වරට සිදු කළ සමීක්ෂණයට අනුව කිතුල් ගස් ලක්ෂ 32ක් තිබුණත්, අද වන විට එම ප්‍රමාණය තවත් අඩුවී ඇති. එම ප්‍රමාණයෙන් ලක්ෂ හයහමාරකට ආසන්න ගස් ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙනවා. අලින්ට කන්න දෙන්න ගස් කපනවා, ඒවගේම අලි කිතුල් ගස් විනාශ කරනවා. පොඩි පැළ මට්ටමේ ඒවා ඉත්තෑවන් කනවා. මේ නිසා සැලකිය යුතු කිතුල් ගහනයක් විනාශවීගෙන යනවා.
දැනට තිබෙන ගස් එක්ක බැලුවොත්, උපරිමය ලෙස නිෂ්පාදනය සඳහා තවත් අවුරුදු 10-15 අතර කාලයකට කිතුල් ගස් තිබෙනවා. ඒ නිසා අපි කිතුල් ගස් සිටුවීමට ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ සඳහා රජයේ සහායෝගයත් බලාපොරොත්තු වෙනවා.
අපි මේ අභියෝගයට මුහුණදිය යුතුයි. අපි ගොවීන්ට උදව් උපකාර කරමින් අපේ ව්‍යාපාරයට ඔවුන්ගේ සහාය ලබාගන්නවා. අපිට සැපයුම් කරන කිතුල් ගොවිමහතෙක් මාසයකට ලක්ෂ 3-4ක් උපයාගන්නවා. ඒත් එම නිෂ්පාදනය ගුණාත්මක විය යුතුයි.
දැනට තිබෙන ගස් එක්ක බැලුවොත්, උපරිමය ලෙස නිෂ්පාදනය සඳහා තවත් අවුරුදු 10-15 අතර කාලයකට කිතුල් ගස් තිබෙනවා. ඒ නිසා අපි කිතුල් ගස් සිටුවීමට ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ සඳහා රජයේ සහායෝගයත් බලාපොරොත්තු වෙනවා.
මේ ව්‍යාපාරය සංචාරකයන් අතර ජනප්රියවේගෙන එනවා. අපි ගුණාත්මක බවින් ඉහළම නිෂ්පාදනයන් කරන නිසා ඉල්ලුම සපුරාගත නොහැකි තරමින් තිබෙනවා. ඒත් එම අභියෝගයන්ට මුහුණ දෙමින් විවිධ ක්‍රමෝපායවල යෙදෙනවා. ඒවගේම ඉදිරියේදී තවත් ශාඛාවක් ආරම්භ කිරීමට නියමිතයි.
ඉරෝෂා දීපානි