පිළිමතලාව – වත්තේගම අතර අද සිට(24) නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව – වත්තේගම අතර අද සිට(24) නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් අද (24) සිට ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම නව කාර්යාල දුම්රිය ධාවනයට යෙදවීමට  මහනුවර සංවර්ධන කම්ටුව තීරණය කර තිබේ. දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.50 ට පිටත්වී වත්තේගම දුම්රිය ස්ථානයට උදෑසන 8.56 ට ලඟාවීමට නියමිතයි.  

තුර්කියේ  5.7 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක්

තුර්කියේ 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක්

රිච්ටර් මාපාංක 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු කිලෝමීටර් 6 ක් පමණ ගැඹුරින් භූකම්පනයක් තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදුවී ඇත. භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර දරුවන් තිදෙනක් ද සිටින බවත් නිවාස බොහොමයක් කඩා වැටී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.    

නව අධිවේගී මාර්ගයේ බස් සේවා අද(24) සිට – ගාස්තු මෙන්න

නව අධිවේගී මාර්ගයේ බස් සේවා අද(24) සිට – ගාස්තු මෙන්න

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටසේ බස් සේවා අද(24) සිට ආරම්භ වීමට නියමිතයි. අද පෙරවරුවේ බස් සේවාවන් ආරම්භ වන්නේ තංගල්ල බස් නැවතුම්පොළේ සිටයි. තංගල්ල සිට කොළඹට රුපියල් 680 ක් ද තංගල්ල සිට මාකුඹුර දක්වා 610ක් ද  හම්බන්තොට සිට කොළඹට රුපියල් 880ක් ද හම්බන්තොට සිට මාකුඹුර දක්වා රුපියල් 810 ක් ද ගාස්තු…

පැරසයිට් චිත්‍රපටය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට

පැරසයිට් චිත්‍රපටය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට

දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටය  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට ලක්ව තිබුණි. මෙවර ඔස්කා උළෙලේ හොඳම චිත්‍රපටයට ලෙස දකුණු කොරියාවේ පැරසයිට් හිමි සම්මානය දිනා ගත්තේය. මෙවර ඔස්කා උළෙල අසාර්ථක යැයි පවසමින් පැරසයිට් චිත්‍රපටය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපහාසයට ලක්ව ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂ බොන් ජූන් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය තමන් කුපිත කළ බවයි.

වනිදුගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

වනිදුගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැති තරගයෙන් සංචාරක කොදෙව් කණ්ඩායම  පරදා පළමු එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකාව සමත්විය. කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කය පන්දුවාර 49.1 කදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා…

දකුණු අධිවේගී මාර්ගයේ නව කොටස අද ජනතා අයිතියට

දකුණු අධිවේගී මාර්ගයේ නව කොටස අද ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට නියමිතව තිබේ. මාතර සිට බරවාකුඹුක දක්වා ඇති කිලෝමීටර් 56කින් යුතු මාර්ග කොටස මෙලෙස විවෘත කරන අතර, බෙලිඅත්ත කහවත්ත ප්‍රධාන පිවිසුම් මාර්ග පරිශ්‍රයේ දී සමාරම්භක උළෙල පැවැත්වේ. මෙහි මුළු දුරින් 20%ක් උස් වූ කුලුණු මතින් ඉදිවී ඇති මේ අධිවේගී මාර්ගය…

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට අයැදුම්පත් ලක්ෂ තුනක්

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට අයැදුම්පත් ලක්ෂ තුනක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට අයැදුම්පත් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශක කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි. ලබන 26,27,28 හා 29 යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ සිදු කර ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහු කාර්ය බලකායට මේ පිරිස බඳවා ගන්නා බවයි.

වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට  ප්‍රහාරයක්

වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට ප්‍රහාරයක්

කොවිඩ්-19 වෛරසයට ගොදුරුවීම වැළැක්වීම සඳහා චීනයෙන් ඉවත් කරගෙන පැමිණි යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථවලට එරට ජනතාවම පහරදී ඇති බව වාර්තා වෙයි. 10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිර යා හැකි යැයි බොහෝ නිවැසියන් බියට පත්ව විරෝධතාවක් පවත්වා මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙහිදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි “අපි සියල්ලන්ම…

Water_Cut

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පිලිසකර කිරිම් අවසන් වනතුරු ජල…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

කඩවත කොස්තාපල්ගේ ඝාතනයට බන්ටි අත්අඩංගුවට

කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු සමග ඝාතනය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සුද්දා නැමති…