ඇමෙරිකාවෙන් වීසා ඉල්ලන්නෙත් නැහැ

ඇමෙරිකාවෙන් වීසා ඉල්ලන්නෙත් නැහැ

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි ඇමෙරිකා තීරණයට ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළකරනවා. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ලවී ඇති කිසිදු චෝදනාවක් සනාථවී නොමැති පසුබිමක මෙවැනි තහනමක් පැනවීම යුක්තිසහගත නොවන බවයි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ අවසන් අදියර ක්‍රියාත්මක වූ 2009 වසරේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධානත්වය…

සයින්දමරුදු, කල්මුණෙන් වෙන් වෙයි

සයින්දමරුදු, කල්මුණෙන් වෙන් වෙයි

අම්පාර, සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවැසුවේ 2022 වසරේ මාර්තු මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සයින්දමර්දු ලෙස නගර සභාවක නිල කාලය ආරම්භ කිරීමට නියමිත බවයි. කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැර සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කරන…

චීනය මුදල් නෝට්ටු පිරිසිදු කරයි

චීනය මුදල් නෝට්ටු පිරිසිදු කරයි

කොවිඞ් නයින්ටීන් වෛරසය තවදුරටත් පැතිරිම වැළැක්වීමේ පියවරක් ලෙස ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කිරීමට චීනය පියවර ගෙන ඇත. පාරජම්බූල කිරණවලට හෝ දැඩි උණුසුමට ලක් කෙරෙන මුදල් නෝට්ටු යළි සංසරණයට එක් කිරීමට පෙර දින 14 ක කාලයක් අදාළ යන්ත්‍රවල රඳවා තැබීමටයි පියවර ගැනෙන්නේ. චීන මහබැංකුව මෙම පියවර නිවේදනය කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

Dinesh-Gunawardana

යුදහමුදාපතිට එරෙහි අමෙරිකානු තහනම ගැන විශේෂ සාකච්ඡාවක්

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරිය සමඟ අද දිනයේ සාකච්ඡා කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු කියා සිටියේ ස්වාධීන රටක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවිය යුතු බවයි.

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹෙයි

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹෙයි

48 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද ආරම්භ වීමට නියමියි. මාර්තු 03 දින දක්වා කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී එම නාට්‍ය ප්‍රදර්ශන පැවැත්වෙනවා. මෙවරද රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධාන කරන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්. උතුරු නැගෙනහිර ඇතුළු රටේ සෑම පළාතක්ම නියෝජනය කරමින් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ඉදිරිපත් වූ නාට්‍ය ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබෙනවා. ලබන 26 දින…

මාලි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට

මාලි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට

මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. අදාල ප්‍රහාරය හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බව සඳහන්.  

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක්

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක්

ඇමරිකාව සහ ඊශ්‍රායලය  තම රටට අනතුරක් සිදුකළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා කමාන්ඩර් හුසේන් සලාම් සදහන් කරයි. සුලෙයිමානිගේ ඝාතනයෙන් දින 40කට පසු පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

ප්ලාස්ටික් වෙනුවට විකල්ප සොයන නිර්මාණකරුවන්ට ආරාධනයක්

ප්ලාස්ටික් වෙනුවට විකල්ප සොයන නිර්මාණකරුවන්ට ආරාධනයක්

ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විකල්ප භාණ්ඩ නිශ්පාදනය කරන හා කළ හැකි පුද්ගලයින් ලියාපදිංචි කර, ඔවුන්ගේ නිෂ්පාදන ජනගත කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 20 වනදා සිට සිදුකරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළා. ප්ලාස්ටික් සහ පොලිතීන් නිශ්පාදන අවම කිරීම සහ ඒ වෙනුවට පරිසර හිතකාමී විකල්ප…

පෙම්වතුන්ගේ දවසේ You Tube උපන්දිනය සමරයි

පෙම්වතුන්ගේ දවසේ You Tube උපන්දිනය සමරයි

ලොව සියලු දෙනා රස විදින හරි හම්බකරන සමාජ මාධ්‍යයක් වන You Tube හි ආරම්භය සිදුවන්නේ 2005.02.14 දිනයි. අපි හැමෝම දන්නේ පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය ලෙසයි.  

කොවිඩ් නයින්ටීන් ජීවිත 1483ක් බිලි ගනියි
|

කොවිඩ් නයින්ටීන් ජීවිත 1483ක් බිලි ගනියි

කොවිඩ් නයින්ටීන් ආසාදය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1483 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේස් පුවත් සදහන් කරයි. මේ වන විට  ආසාදිතයින් සංඛ්‍යාව 65000 කට ආසන්න බවද පැවසේ.