කඩවත පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්
කඩවත පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වී ඇත. අතුරුදන් වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා රාත්‍රි කාලයේ පොලිස් බැරැක්කයේ සිටි බව පොලිසිය සදහන් කරයි. අතුරුදන් ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.









