බෝයිං 737 ගුවන් යානාව තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසයි

බෝයිං 737 ගුවන් යානාව තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසයි

තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වී තිබේ. පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා  ඇත. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, බෝයිං 737 වර්ගයේ මේ යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් යානාව නිවැරැදිව ගොඩබැස්සවීමට නොහැකි වූ බවත්,…

ට්‍රම්ප්  නිදොස් කොට නිදහස්

ට්‍රම්ප් නිදොස් කොට නිදහස්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. මේ අනුව දෙවැනි ධුර කාලය වෙනුවෙන් ලබන නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවතිද බාධා ඉවත්ව යනු ඇත. සෙනෙට් සභාව හමුවේ පැවැති මෙම දෝෂාභියෝග විභාගය සැලකෙන්නේ අමෙරිකානු දේශපාලනයේ ඓතිහාසික සිදුවීමක් ලෙසයි. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි චෝදනාවලට ඔහු වරදකරු වූවානම් ඔහුට ධුරයෙන් ඉවත්වීමට…

දිවයින පුරා පොහොර හිඟයක්

දිවයින පුරා පොහොර හිඟයක්

දිවයින පුරා පොහොර හිඟයක් මතුව ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සදහන් කරයි.   පොහොර සමාගම් සඳහා රුපියල් බිලියන 23 ක මුදලක් ගෙවීමට ඇති බව සදහන් වේ.

සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය අද (07) උදේ 9.30ට විවෘත වේ

සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය අද (07) උදේ 9.30ට විවෘත වේ

12 වන වරටත් පවත්වනු ලබන ‍පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය 2020 අද (07) උදේ 9.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා අතින් විවෘත වීමට නියමිතය. පෙබරවාරි 07,08,09 යන තෙදිනක් පුරා මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්විමට නියමිතයි.

ගංගාරාමයේ නවම් මහා පෙරහැර අද සහ හෙට

ගංගාරාමයේ නවම් මහා පෙරහැර අද සහ හෙට

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර මංගල්‍ය අද සහ හෙට පැවැත්වේ. නවම් පෙරහැර උද්‍යාන වීදිය ඔස්සේ ජිනරතන පාර, හුණුපිටිය වැව පාර , ඩබ්ලිව්.ඒ.ඩි රාමනායක මාවත ශ්‍රිමත් ජේම්ස් පිරිස් මාවත ඔස්සේ ගමන් කර නැවතත් විහාරස්ථානයට පිවිසීමට නියමිතයි. නවම් මහා පෙරහැරට  අලි ඇතුන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර , උඩරට , පහතරට සහ…

සහන මල්ල මාර්තු 01 දා සිට

සහන මල්ල මාර්තු 01 දා සිට

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ සඳහන් කළ සහන මල්ල මාර්තු 01 දා ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය පවසයි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් මේ යටතේ සහන මිලට ජනතාවට ලබාදෙන බව සදහන් කරයි. ලංකා සතොස, සමූපාකාර අලෙවිසැල් මෙන්ම කාන්තා ව්‍යවසායකත්ව ව්‍යාපාර හරහා මෙම සහන මල්ල ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රසයට  වාර්ෂික කතාව ඉදිරිපත් කළ අතර කතානායක නැන්සි පෙලොසිට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමත් ඇය ජනාධිපතිවරයාගේ කතාව ඇතුළත් ලියවිල්ල ඉරා දැමීමත් දෙදෙනා අතර ඇති ආරවුල තීව්‍ර කිරීමට සමත්විය. ජනාධිපතිවරයා සහ කතානායක අතර තිබෙන ගැටුම උත්සන්න වන…

කොරෝනා රෝගීන්ට රෝහල් සයන හිඟ බව චීනය කියයි
|

කොරෝනා රෝගීන්ට රෝහල් සයන හිඟ බව චීනය කියයි

කොරෝනා ආසාධිතයන් සඳහා පවතින රෝහල් සයන ප්‍රමාණවත් නොවන බව චීනයේ බලධාරීහු ප්‍රකාශ කරති. ආසාධිතයන් සංඛ්‍යාව ​සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම  සයන ප්‍රමාණයද හිඟ බව චීනය පවසයි. මේ හේතුවෙන් ඔවුහු හෝටල් සහ පාසල්, ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කරමින් සිටිති.

දස ලක්ෂයක් හැමදාම බොන තිස් ලක්ෂයක් ඉඳහිට බොන බේබදුකමින් ඉහළට එන ලංකාව

දස ලක්ෂයක් හැමදාම බොන තිස් ලක්ෂයක් ඉඳහිට බොන බේබදුකමින් ඉහළට එන ලංකාව

ශ්‍රී ලංකාව මත්පැන් ​පානය අතින් වෙනත් රටවල් අබිබවා ඉහළ ස්ථානයක් ලබා ඇති බව මත් පැන් පානය පිළිබඳ ජාතික සමීක්ෂණයකින් හෙළිවී ඇත. ජනගහයෙන් දසලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනකු දිනපතා මද්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනකු මද්‍යසාර භාවිත කරන බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී…

accident

ලංගම සහ පෞද්ගලික බස් රථ ගැටෙයි අයෙක් මරුට – 13ක් රෝහලට

කන්තලේ, තඹගලමුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන් වේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තඹලගමුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.