ඉන්දියාවට යන්නයි එන්නයි රුපියල් 35,000යි
|

ඉන්දියාවට යන්නයි එන්නයි රුපියල් 35,000යි

ඉන්දු ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මැයි මස 15වන දා ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතියි. මෙම යාත්‍රා මඟින් ඉන්දියාවට යාමට පැය 04ක් වැනි කාලයක් ගත වන බව සඳහන්. මෙම බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම සඳහා IndSri Ferry Services Pvt Ltd සමාගම වෙත අවසර ලබා දී තිබේ. මෙම ෆෙරි බෝට්ටු සේවය…

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්
|

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්

කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීමට සූදානම් වේ. ඒ සඳහා ගිවිසුම් ගතවී ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි. එම රෝහලේ ඇඳන් 500ක් පමණ…

money

දින දෙකයි ආදායම කෝටි 7 ඉක්මවයි

පසුගිය පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 7 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම කාලසීමාව තුළ වාහන දෙලක්ෂ 56,225 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලණිගම පිවිසුම් අතරදී ඊයේ රාත්‍රියේ රිය අනතුරු 06 ක් සිදුව තිබේ. එම…

paskupaharaya

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා ජන පවුරක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය හා යුක්තිය ඉල්ලා එළඹෙන 21 වනදා ජන පවුරක් ඉදිකිරීමට ජාති ආගම් භේදයෙන් තොරව එක්වන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් දේවස්ථානය දක්වා මීගමුව…

ranil
|

25 වෙනිදා ජනපති විශේෂ දෙයක් කරන්න යයි

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුකම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට සහාය…

විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 3000ක් පමණ රෝහල්ගත කරයි

විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 3000ක් පමණ රෝහල්ගත කරයි

විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 3000ත් – 4000ත් අතර සංඛ්‍යාවක් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි බෝ නොවන රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ රිය අනතුරු , ගිනි කෙළි අනතුරු , දියේ ගිලීම්වලින් පුද්ගලයින් එලෙස රෝහල්ගත කෙරෙන බවයි.

univercity-teachers

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සිට යළි සේවයට

විශ්ව විද්‍යාලවල දේශන අද සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. එම සම්මේලනය පැවසුවේ, කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්වී සිටින බවයි. ආසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටලු කිහිපයකට විරෝධය පල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 9 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී වෘත්තීය සමිති…

“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්
|

“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. පෙ.ව 7.00 සිට ප.ව 5.00…

gay wal katha

පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට (17) දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර, අප්‍රේල් මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බව…

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, පසුගිය 10 වැනිදා දක්වා එවැනි ආයතන 19,107 ක් පරීක්ෂා කර ඇති බවයි. මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය, වෙළෙඳුන් 500 කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නඩු පවරන බව, මිනුම්…