ranil

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුකම පිළිබඳ විවාදය එළඹෙන 25 වනදා ආරම්භ කරමින් ඔහු මෙම ආරාධනාව කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට සහාය පළ කරන්නයි විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එදිනට ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.

විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මෙම දැනුම්දීම කළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

 

Similar Posts