wine stores sri lanka wine stores near me wine world house of wines sri lanka online wine stores whisky price in sri lanka red wine price in sri lanka duty free liquor price in sri lanka keells

සුරාසැල් විවෘත කරන දින පිළිබඳ දැනුම්දීමක්

හෙට (07) රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

dolor
|

ඩොලරය වෙනුවට අලුත්ම මුදල් ඒකකයක්

රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුවට නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වේ. එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ…

රාජ්‍ය ව්‍යාපාර 5ක් සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් අත්සන් කෙරේ

රාජ්‍ය ව්‍යාපාර 5ක් සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් අත්සන් කෙරේ

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ රජයේ ව්‍යවසායන්හි කාර්ය සාධනය, පාලනය, වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් සාමූහික අභිලාෂ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (04) සිදු කල බව ය. ආරම්භක පියවර ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හලාවත වැවිලි සමාගම හා කුරුණෑගල වැවිලි සමාගම, යන රාජ්‍ය ව්‍යාපාර 5 සඳහා…

poya

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වෙයි. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ සේක….

කොළඹ මුහුදේ විශාල පැළීම් – භූමිකම්පා ගැන දැඩි අවධානයක් යොමු කරන්න
|

කොළඹ මුහුදේ විශාල පැළීම් – භූමිකම්පා ගැන දැඩි අවධානයක් යොමු කරන්න

කොළඹට බටහිර දෙසින් ගැඹුරු මුහුදු පත්ලේ විශාල ඉරිතැලීම් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. පසුගියදා බේරුවල ප්‍රදේශයට බලපෑ භූ කම්පනවලට සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය. කොළඹ අවට භූ කම්පන මාපක සවි කර ඒවායින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන් භූමිකම්පා ඇතිවීමට…

egg

අද (04)සිට දේශිය බිත්තර ග්‍රෑම් එකක් ශත 80 ගානේ විකිණීමට තීරණය කරයි

දේශිය බිත්තර විකිණීම සම්බන්ධයෙන් තීරණයක් ගත් බවත් බිත්තර කිලෝ ගණනට විකිණීමට තීරණය කර ඇති බවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති සරත් රත්නායක සදහන් කරයි. බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවත් අද (04) දින සිට පළමුවෙන් මධ්‍යම පළාතේදී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බවද සභාපති සරත් රත්නායක සදහන්…

ෆින්ලන්තය නේටෝවට එක් වෙයි
|

ෆින්ලන්තය නේටෝවට එක් වෙයි

ෆින්ලන්තය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයට අද එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ට අනුව නේටෝ සංවිධානයට බැඳුණු 31 වැනි රට ෆින්ලන්තයයි. “මෙම සතිය ඓතිහාසික සතියකි. හෙට ෆින්ලන්තය නේටෝවේ 31 වැනි සාමාජිකයා බවට පත්වනු ඇත, ෆින්ලන්තයේ ආරක්ෂාව සහ අපගේ සන්ධානයේ ශක්තිය වැඩි දියුණු කරයි,” ස්ටෝල්ටන්බර්ග් පැවසීය.

police police station ips police full form police rajasthan

පොලිසියෙන් ජනතාවට දැනුම්දීමක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති බැවින් දුරකථන අංක වෙනස් වී ඇති බව…

ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන්න ලෑස්ති ​​වෙති

ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන්න ලෑස්ති ​​වෙති

ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මේ දිනවල විශාල ජනතාවක් රැක්ව සිටින ආකාරය දැකගත හැකිය. අලුත් ඇඳුම් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් මහරගම, පමුණුව රෙදිපිළි වෙලෙඳපොලට පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.

politic
|

දේශපාලන බල පෙරළියක් අත ලගම

විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා වත්මන් ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සදහන් කරයි. බොරුවට මෙතෙක් සතුරා බෙදී සිටි බවත් මේ වන විට ගිලිහෙමින් යන සතුරු බලය ආරක්ෂා කර ගැනීම සඳහා සතුරා සමග එක් වීමට බලා සිටින බවද ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක…