dolor

රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුවට නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වේ.

එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ සිය රටට ආයෝජන ගෙන්වා ගැනිමට ඩොලරය මත යැපීම තවදුරටත් සිදු නොවිය යුතු බවයි.

මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් තවදුරටත් සදහන් කළේ,

“ආසියානු මූල්‍ය අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ලෙස මා යෝජනා කළ මූලික අදියර පිළිබඳව ආසියාවේ එතරම් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

ඊට හේතුව ඒ වන විට ඇමෙරිකානු ඩොලරය ඉතා ශක්තිමත් වීමයි. නමුත් දැන් චීනයේ, ජපානයේ සහ වෙනත් ආසියානු රටවල ආර්ථික ශක්තිමත් වීම හේතුවෙන් ආසියානු මූල්‍ය අරමුදලක් ගැන මම කළ ඒ යෝජනාව සාකච්ඡා කළ යුතුයි කියා සිතනවා.

එමෙන්ම මැලේසියාව වැනි රටකට අයෝජන ගෙන්වා ගැනිමේදී අමෙරිකානු ඩොලරය මත තවදුරටත් යැපීමට හේතුවක් නැහැ. මැලේසියාව අනෙක් රට සමග සාකච්ඡා කර දෙරටේම මුදල් භාවිතා කළ යුතු යැයි මම සිතනවා.”

Similar Posts