වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගන්න වැඩසටහන් පැවැත්වීමට සිදුවීම සෝචනීය තත්ත්වයක්
දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගැනීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සිදුවීම ඉතා සෝචනීය තත්ත්වයක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැඩිහිටියන්ගේ විවිධ නොපනත්කම්වල ගොදුරක් බවට දරුවන් පත්ව ඇතැයි ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පාසල් ළමාරක්ෂක කමිටුව හෙවත් “සුරැකුම් පවුර” පිහිටුවීම සහ පාසල් ළමා ආරක්ෂාව සක්‍රීය කිරීම…