2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි
2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා ඊයේ (17) සිය සහතිකය සටහන් කර තිබෙනවා. කථානායකවරයා විසින් එලෙස සහතික කර ඇත්තේ බද්දට දී ඇති පරිශ්රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි. බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද, හිඟ බදු වාරික මුදල් සේවා ගාස්තු සහ…








