තිරිඟු පිටි මිල පහළට
තිරිඟු පිටි ආනයනකරුවන් පවසන්නේ, පිටකොටුව වෙළඳ පොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහළ වැටී ඇති බවයි. ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි කොලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇතැයි ඔවුන් පවසන්නේ.

තිරිඟු පිටි ආනයනකරුවන් පවසන්නේ, පිටකොටුව වෙළඳ පොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහළ වැටී ඇති බවයි. ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි කොලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇතැයි ඔවුන් පවසන්නේ.

කිසිදු අයුරකින් වගා කටයුතු සිදු නොවෙන පෙදෙස්වලට පත් කොට ඇති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් (කෘපනිස) කෘෂිකාර්මික ප්‍රදේශ සඳහා අනුයුක්ත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නියෝග කොට ඇත. ගොයම් පැළයක්, පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු පත් කර ඇති බව හෙළිව ඇති නිසා…

පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් 664 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇති බව වාර්තා වෙයි. මේ අනුව මෙම උසස්වීම් තුළ පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03 ක් , උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41 , පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 ක් , පොලිස් සැරයන්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතී.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (11) කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබේ. අදාළ නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි , එහි අධ්යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු…

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටු වීම ඊයේ (11) සිදු කෙරුණේ ය. මෙම නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ 12ක් සහ පාර්ශව 62 සහභාගීත්වය හිමිව තිබේ. මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් මහතාගේ…

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලට හිලව්වක් ලෙස මෙරට ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමට ලෝක බැංකුව සහ ඇතැම් ප්‍රබල රටවල් ක්‍රියාත්මක වෙමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සංවිධායක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ “ඩෙබ්ට් ෆෝ නේචර්” නමැති වැඩසටහන මෙරට තුළ ක්‍රියාත්මක කරන බවට මෙරට පරිසර බලධාරීන් ද ප්‍රකාශ නිකුත් කර…

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශ කරමින් ප්‍රහාරයේ වින්දිතයන්, කතෝලික පියතුමන්ලාද, විවිධ සිවිල් සංවිධානද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හි තින්දුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට නියමිතය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයද, පොලිසීයේ හා හමුදා නිලධාරීන්ද…

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් පැතිර යන බව බැවින් ගැබිනි මවුවරුන්, වයෝවෘද්ධ අය වැනි අවදානම් සහිත පුද්ගලයින් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ ප්‍රකාශ කර සිටියි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ මේ වන විට පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ස්වසන පද්ධතියට…

මේ වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන හයක ආදායමක් අපේක්ෂා කරන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ පවසයි. ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ තැඹිලි අපනයනයෙන් රුපියල් බිලියන දෙකක ආදායමක් ලැබුණු බවයි.