අද මැතිසබයට ගංජා ගීතයක්
මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට වාදනය කිරීමෙන් මැතිසබය අද පෙරවරුවේ සිනා සාගරයක් බවට පෙරළිණ. ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය. “වී, එළවලු, එහෙම නැත්තන් අතිරේක බෝග ඒවා මුකුත් ඕනේ නෑ ත්‍රෛලෝක විජය පත්‍ර වගා කරගත්තම හරී…. මට මතක් වෙනවා ත්‍රෛලෝක…
රෝහල් රැසක රෝගී පරීක්ෂණ ඇනහිටී
කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී. මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළේ, රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම්…
ට්විටර් කාර්යාල සියල්ලම වසා දමයි
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම…
ඉදිරියේදි ආහාර අර්බුදයක් – ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වී ගංජා වගා කිරීමට සැරසෙයි
අයවැයෙන් ගොවියන්ට කිසිදු සහනයක් නොලැබුණු බවත්, ගංජා වැවිම සොයා බැලිමට කම්ටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා යොජනා කර ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා පවසයි. අයවැයෙන් දේශිය ගොවියාට කිසිදු සහනයක් ලබානොදි මෙරට තුල ගංජා වැවිම සම්බන්ධයෙන් සොයා බැලිමට කමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කිරිම තුලින් මෙරට ගොවියා එලවළු වගාවෙන් ඉවත් වි ගංජා වගා කිරිමට…
දේශපාලන පත්වීම් ලද රාජ්‍ය සේවකයන් ඉවත් කළ යුතුයි
මෙරට සේවය කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, පුද්ගලයින් 15දෙනෙකු වෙනුවෙන් එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සේවයට බදවා ගෙන ඇති බවයි. මෙලෙස රාජ්‍ය සේවකයන් වැඩි වී ඇත්තේ දේශපාලන පත්වීම් හේතුවෙන් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. රාජ්‍ය සේවකයන්…
දකුණු අප්‍රිකා ජනපති ලංකාවට
ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාවට යන ගමනේදී සිරිල් රම්පෝසා මහතා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායකට ගිය අතර නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක්
ලබන වසර සඳහා වන අයවැයෙන් ජනතාවගෙන් මුදල් අයකර ගැනීමට පමණක් රජය කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. භාණ්ඩ හා සේවා මත එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ ඒ අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට රුපියල් දෙලක්ෂ…
ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයක
සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය බරපතල තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවද දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත් ජී20 රටවල නායකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බරයේ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණියත් එම ණය ලබා ගැනීම සඳහා ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු…







