ආසාදිතයන් තිදෙනකුගෙන් එක් අයකු මිය යන නව කොවිඩ් ප්‍රභේදයක්
නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම හා මරණයට පත් කිරීම අතින් ඉහළ අවදානමක් සහිත බවට අනුමාන කර තිබේ. එමෙන්ම එම ප්‍රභේදය ආසාදිත වූවන් තිදෙනකුගෙන් එක් අයකු මිය යෑමට ඉඩ ඇතැයි ද අනතුරු අඟවා තිබේ. විශේෂයෙන් වනසතුන්ගෙන් පැතිරෙන වසංගත රෝගවලින් 75% ක්ම මිනිස් සිරුරට අහිතකර බලපෑම් සිදුකරන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් නව වයිරස් වශයෙන් මිනිස් සමාජය තුළ ව්‍යාප්ත…
කොරෝනා නිසා දුම්රිය ගමන්වාර 14ක් අවලංගු වෙයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව නිවේදනය කර තිබෙනවා. ඒ දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. මෙම තත්ත්වය නිසා අද දින ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, පුත්තලම 03ක්, මුහුදුබඩ 02ක් සහ කැලණි – වැලි 02 ක් ඇතුළු දුම්රිය ගමන් වාර 14ක් අවලංගු…
කොරෝනා ආසාදිතයින් නැවත දහසේ සීමාව ඉක්මවයි
දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තාව අනුව ඊයේ (30) දිගු කලකට පසු දහසේ සීමාව ඉක්මවා 1056 ආසාදිතයින් වාර්තාවිය. මෙම ප්‍රතිඵලය ලැබුනේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ 12536 කිනි. මරණ සංඛ්‍යා විශාල වැඩිවීමක් නැත. ලොව පුරා කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාම නිසා වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස ආසාදිතයින්ගේ අගය ඉහළ ගොස් තිබේ.
තොරතුරු ලබානොදෙන රාජ්‍ය ආයතනවලට වෙන දේ
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරිමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල සිදුකිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මීට පෙර එම අභියාචනා විභාග කිරීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් සිදුකෙරුණු අතර ලැබෙන පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව එය කොළඹින් පිට ප්රදේශවලද සිදුකිරිමට තීරණය කළ බව ඔවුන් සඳහන් කළේය. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර…
විදුලි කප්පාදුව ගැන තීන්දුව අද
ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද නැද්ද යන්න පිළිබඳ අද තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා සිදු කළ සමාලෝචනයෙන් පසු අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේ ය. මහජන උපයෝගීතා කොමිෂන් සභාව…
අමතක නොකරමු..!
ජනවාරිය කියලා කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ට බිය වේදනාව ගෙන එන මාසයක්. අනික් පැත්තෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන මාසයක් තමයි ජනවාරිය. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය මර්ධන ඉතිහාසය අස්සේ ජනේරුව කියන්නේ සුවිශේෂ මාසයක් නිසා. ජනේරුව සැරසිලා තියෙන්නේ ලේවැකි මාධ්‍ය මර්ධනයක අඳුරු සෙවනැලි එක්ක. බීබීසී සන්දේශය කියන විදිහට 1980 දශකයෙන් පස්සේ මේ වෙනකොට මාධ්‍යවේදීන් 117ක් ඝාතනය කරලා තියෙනවා. නමුත්…
විදේශ සේවා නියුක්ති කාර්යාංශය බාසා ඇකඩමියක් අල්ලයි
ජපන් භාෂා උපකාරක පන්ති පවත්වන මුවාවෙන් සිදුකරගෙන ගිය නීති විරෝධී බවට සැකකෙරෙන විදේශ රැකියා ජාවාරමක් හසුකරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ “මහ මොලකාරියද” සමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඒම හසුකර ගැනීම සිදු කර ඇති බවයි. කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ “වෙනුෂ් ලැන්ග්වේජ් ඇකඩමි” යන නමින්…






