මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 51ක්
තවත් කොවිඩ් ආසාදිතයන් 51දෙනකු අද (12) පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් 51 දෙනාම මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් වේ. ඉන් 15 දෙෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයන්ගේ සමීපතමයන් වේ.
පුලතිසිපුර විද්‍යාපීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි
පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයත් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යුධ හමුදාව විසින් ඊයේ (11) භාර ගනුලැබ ඇත. පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පළමු වසර ශික්ෂණ ලාභී ගුරු මානවක මානවිකාවන් 320 දෙනෙකු පෙරේදා ම විශේෂ බස් රථ යොදවා සිය නිවෙස් බලා පිටත්කර වීමට ද යුධ හමුදාව කටයුතු කළේ ය. අධ්‍යාපන අමාත්‍යංශය නිල වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ …
NDB බැංකුවේ සේවකයෙකුට කොරෝනා : 12 දෙනෙක් නිරෝධායනයට
NDB බැංකුවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු කර ගෙන ඇත. එම සේවකයා මිනුවන්ගොඩ සිට මැරින් ඩ්‍රයිව් හි පිහිටි NDB බැංකුවේ සේවය කිරීමට පැමිණි අයෙකු වේ. අදාල සේවකයා ණය අංශයේ සේවය කරන අතර අනෙක් සේවකයන් 12 දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇත.
කොරෝනා වෛරසයේ ආයු කාලය දින 28ක් දක්වා ඉහළට
සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොරෝනා වෛරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මුදල් නෝට්ටු , ජංගම දුරකතන මුහුණත් හි හා සුදු යකඩ මත වෛරසයට නොනැසී දින 28ක් පමණ රැඳී සිටිය හැකි බවයි එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ. පෙර නිගමනය කළ ආයු කාලයන්ට වඩා බොහෝ වැඩි ආයුකාලයක් මේ අනුව වෛරසයට…
රූපවාහිනී නාලිකා සේවකයන් කොරෝනා පරීක්ෂණයට
රජයේ රූපවාහිනි නාළිකාවක සහ පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත. ඉකුත් පොහෝ දිනයේ මිනුවන්ගොඩ රජමහ විහාරස්ථානයේ පැවැති වැඩසටහනට සහභාගී වූ රජයේ නාලිකාවක සේවක පිරිසකට පරීක්ෂණ කිරීමට නිියමිතව ඇත්තේ ඊට කොරෝනා ආසාදිතයෙකු සහභාගි වූ බව හෙලිවීමෙනි. පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකටද ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත.
‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීයාව හොල්ලයි !
අගමැති මහින්ද රාජපක්ෂගේ බාහිර පෙනුමට සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය. ඔහු එරට අන්ද්‍රා හා තෙලන්ගානා යන ප්‍රාන්තවල තම දේශපාලන කටයුතු මෙහෙයවු ලබන අතර එම ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තෙලිගු දේශම් පක්ෂයේ නායකයා වන්නේ ද සුබා රෙඩ්ඩිය.
කඳාන විදුලි සේවකයන් 12කට කොරෝනා
කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් පිරිසකට නව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ මහතා පවසා සිටියේ, ඊයේ (11) දින රාත්‍රීයේ එම ආයතනය විසින් එහි සේවකයින් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි පැවසු බවය.
බොරැල්ලේ ආපනශාලා දෙකකට සීල්
බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හමුවූ කොරෝනා ආසාදිතයන් එම අවන්හල්වලින් ආහාර ලබා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි. අදාල රෝගීන්ගේ ගැවසුනු බොරැල්ලේ පිහිටි නේවාසිකාගාරයක පිරිසක්ද කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබේ.
බියගම කලාපයෙන් කොරෝනා මතුවේ
බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා ඇති කර්මාන්තශාලාවක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර තිබේ.








