බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ කප් සිටුවයි
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 70 වැනි ඇසල පුණ්‍යෝත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රථමයෙන් පවත්වනු ලබන කප් සිටුවීමේ මංගල්‍යය චාරිත්‍රය (12) වන දින සන්ධ්‍යාවේදී විහාරස්ථානයේ සතර මහ දේවාල භාර ප්‍රධාන කපු මහතා වන සමරසේන පෙරේරා මහතාගේ සහ විෂ්ණු, විභීෂණ, සමන්, කතරගම දේවාල යන්හි කපු මහතුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි. විහාර මාවතේ ගෙවත්තක තනන ලද අලංකාරවත් මල් පහන් යහනක තැන්පත්…









